අනියම් බිරිඳව ඔසවා පොලොවේ ගසා ඝාතනය කල රම්බෝ ට මරණ දඩුවම
සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහරදී ඔසවා පොලොවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්රදීප් එම්. අබේරත්න මහතා විසින් අද (11) මරණ දඩුවම නියම කලේය .
පයාගල, හල්කඳවිල , සිංහගම ප්රදේශයේ පදිංචි වර්ණසූරිය නෙවිල් ප්රනාන්දු නොහොත් රම්බෝ යන අයට මෙසේ මරණ දඩුවම නියම කෙරිණි.
පයාගල , හල්කඳවිල , සිංහගම ප්රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී , ඔසවා පොලවේ ගසා ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අණාවරණය විය.
මරණකාරිය සමග එකට පවුල් ජීවිතයක් ගතකරමින් සිටියදී ඇතිවූ සැකයක් හේතුවෙන් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් පයාගල පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන, කළුතර මහේස්ත්රාත් අධ්කරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබුණි.
පානදුර සුමිත් ෙපාතුපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

