කටුනායක ඩිජිටල්කරණය වෙයි
මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය 10/10 දින උදෑසන සිට ඩිජිටල්කරණය කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පැවති උත්සවයක දී පියවර ගත්තේය.
එසේම ගුවන් ගමනක දී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැළසුම ( Flight Plan ) ගුවන් ගමන් නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාව ලෙස ද මෙම නව ඩිජිටල්කරණ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතය .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) නිර්දේශ අනුව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2 ක් (රුපියල් කෝටි 120 ක් ) වැයකර ප්‍රංශයේ එම්.එස්.තෙල්ස් (M.S.Thales ) සමාගම විසින් නිෂ්පාදිත මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ .
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සදහා එළඹෙන 2025 වසර තෙක් කල් ලබා දී තිබූ අතර , එම කාළයට පෙර මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට ලැබීම ජයග්‍රහණයක් බව මෙම උත්සවයේ දී ප්‍රකාශට පත් විය .
මේ වනවිට යුරෝපය , ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු මහාද්වීප තුළ ගුවන් ගමන් හැසිරවීම සදහා මෙම ඩිජිටල්කරණ පද්ධති භාවිතා කරන අතර ආසියා ෆැසිපික් කළාපයේ මාළදිවයින , ඉන්දුනීසියාව සහ භූතානය යන රටවල් තවමත් තවමත් තම ගුවන් සීමා කළාප වල ගුවන් යානා හැසිරවීම සදහා භාවිතා නොකරයි.
මේ මගින් ගුවන් යානා සහ එහි ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සමත් වී තිබේ . මෙම පද්ධතිය සදහා ජාත්‍යන්තර අයි.එස්.ඕ.- 9001 - 2015 තත්ව සහතිකය ද බ්‍රිතාන්‍යයේ අනුමත සමාගමක් විසින් ලබා දී තිබේ .ෙ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

