රථ වාහන වරදක් සම්බන්ධයෙන් නිතීය ක්‍රියාත්මක නොකිරීමට රැපියල් දාහක අල්ලස් මුදලක් ලබාගත් කන්තලේ මුලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු හා සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවීමට කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඊයේ (09දා) කටයුතු කලේය.
කන්තලේ ,ධිවර ගමේ පදිංචිකරුවෙකුගෙන් මෙම මුදල ලබාගෙන ඇති අතර එම පුද්ගලයා මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත කල පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදු කරණ තෙක් මෙලෙස සේවය අත් හිටුවනු ලැබ තිබේ.
රාත්‍රි මුර සංචාර රාජකාරි යෙදි සිටි මෙම කොස්තාපල් හා සැරයන්වරයා සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත මෙලෙස සේවය අත්හහිටුවා ඇති අතර මේ සම්බන්ධයෙන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබු.එම්.එල්.වික්‍රමරත්න මහතා වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි .