දිග මෝසම් තත්ත්වය දුර්වල වී අන්තර් මෝසම් තත්ත්වය ස්ථාපිත වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන බවත්, මේ නිසා වියළි කාලගුණ තත්ත්වයක් පැවැති ප්‍ර දේශවෙ වැසි ආරම්භ වී තිබෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලබන සතිය වන විට අන්තර් මෝසම් තත්ත්වය සක්‍රිය විය හැකි බවත්, මේ නිසා ඉදිරියේදී දිවයින පුර සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂෙ( අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
අද(10දා) නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද, වයඹ සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවත්, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති හැකි බවත් මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත්, මේ නිසා තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දැනුම් දෙයි.