අන්තර්ජාලයෙන් සම්බන්ධ වී මුදල් ඔට්ටුවට තරගයට අනතුරුදායක අයුරින් යතුරුපැදි ධාවනයේ යෙදුණු තරුණයන් සිව් දෙනකු යතුරුපැදි හතක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි'
පන්නිපිටිය හයිලෙවල් මාර්ගයේ මධ්‍යම රාත්‍රියේ තරඟයට ඒ මේ අත අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට මහරගම පොලිසියේ ස්ථානාධිපති ජි සි රාජපක්ෂ මහතාට ලද තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර හැර පිරිස අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එහිදී තරුණයන් කිහිපදෙනෙකු යතුරු පැදිවලින් පලාගිය අතර තවත් තරුණයන් කිහිප දෙනෙකු තම යතුරු පැදි අත්හැර පලා ගිය බව පොලිසිය කියයි.
පොලිස් අත්තඩංගුවට ගත් තරුණයන් බණ්ඩාරගම පානදුර රාවතාවත්ත සහ මොරටුව පදිංචිකරුවන්ය.
සැකකාර තරුණයන් සහ යතුරුපැදි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.