යුද හමුදා 74 වන සංවත්සරයට සමගාමීව යුදහමුදා සමාජිකයන් 1879කට උසස් වීම් ලබා දී තිබෙන බව යුද හමුදා මූලස්ථනය සඳහන් කරයි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශ මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් අදාළ උසස් වීම් ලබා දී තිබෙන අතර, නිලධාරින් 314 කට හා සෙසු නිලයන්වල සමාජිකයන් 1565 කට ආසන්න උසස් වීම් ලබා දී තිබේ.
මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07ක්, බ්‍රිගේඩියර් නිලයට කර්නල්වරුන් 12ක්, කර්නල් නිලයට ලුතිනන් කර්නල්වරුන් 37ක්, ලුතිනන් කර්නල් නිලයට මේජර්වරුන් 41ක්, මේජර් නිලයට කපිතාන්වරුන් 50ක් උසස් කර ඇත. ලුතිනන්වරුන් 84 දෙනෙක් කපිතාන් නිලයටත් දෙවන ලුතිනන්වරුන් 83 දෙනෙක් ලුතිනන් නිලයටත් උසස් කර තිබේ.
සෙසු නිලවල පිරිස්ද මේ මස 10 වන දිනට පෙර දැරූ නිලයේ සිට ඉහළ නිලයට උසස් වීම් සිදුකර තිබෙන අතර අදාළ උසස්විම් ඊයේ දිනයේ සිට බලපැවැත්වෙනු ඇත.