වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක් හොරොව්පතාන මාර්ගයේ රම්බකුලම් කිලෝමීටර් 02 කණුව අසලදී මාර්ගයේ සිටි ගවයෙකුගේ ගැටී රියදුරුට රථය පාලනය කර ගැනිමට නොහැකිව පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.
අනතුරට ලක්වූ ඩිෆෙන්ඩර් රථයේ නිලධාරීන් 07ක් ගමන් කර ඇති අතර ඔවුන් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනෙක් මියගොස තිබේ.
අවුරුදු 29 හා 31 වැනි වයස්වල පසුවූ කුරුණෑගල හා මැදවච්චිය පදිංචිකරුවන් දෙදෙනෙක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.