අහුන්ගල්ල පතිරාජගම අද (11) දහවල් දෙපිරිසක් අතර ඇසිඩ් ප්‍රහාරයක් හා තියුණු ආයුධයකින් පහරදීමකින් අටදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
මේ ගැටුමෙන් දෙපිරිසේම සිව් දෙනා බැගින් අට දෙනෙකුටම තුවාල සිදුවී ඇති බවත් මේ අටදෙනාගෙන් සිව් දෙනෙක්ම කාන්තාවන් බවත් පොලීසිය කියයි
එක් පාර්ශවයකින් එල්ල කරන ලද කඩු පහාරයකින් අනෙක් පාර්ශවයේ අයෙකුට බරපතල තුවාල සිදුව තිබෙන බවත් දෙපිරිසේ එක් පාර්ශවයක් එල්ල කරන ලද ඇසිඩ් පහාරයකින් හා පහරදීම්වලින් හත් දෙනෙකු තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.
කඩු පහාරයට ලක්වූ තැනැත්තාගේ එක් අතකට බරපතල තුවාල සිදුවී ඇති බවත් දැනට ඔහුට බලපිටිය මූලික රෝහලේ මූලික පතිකාරයන් කරන බවත් වැඩිදුර පතිකාර සදහා කරාපිටිය මූලික රෝහලට මාරුකර යැවීමට නියමිත බවත් පොලීසිය කියයි.
ගැටුම සිදුව ඇත්තේ එක මායිමෙන් වෙන්වූ යාබද ජීවත්වෙන පවුල් දෙකක් අතර ප්‍රේම සම්බන්ධතාවක් පිළිබදව ඇතිවූ කතාවක් දුරදිග යාමෙන් මේ ගැටුමට ඇතිවී තිබෙන බව මූලික විමර්ශණයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
ගැටුමට අදාළ දෙපිරිසේම අය තුවාල ලබා රෝහල්ගත කළ බැවින් සිද්ධියට අදාළ අය සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බව ද පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසියේ සුළු පැමිණිළි අංශයේ ස්ථනාධිපති උප පොලිස් පරීක්ෂක රම්‍යසිරි ද සිල්වා මහතා ඇතුලු කණ්ඩායමක් මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)