අයහපත් කාලගුණය මත ගාලු , මාතර දෙදිසාවේ ගංවතුරට යටවූ පාසල් හා ගංවතුර නිසා අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර අනෙක් සියලුම පාසල් හෙට (11දා) සිට විවෘත කෙරෙන් බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
ගාලු හා මාතර දෙදිසාවට බල පෑ අයහපත් කාලගුණය නිසා මාතර දිසාවේ සියලුම පාසල් 5 වැනිදා සිට 10 වැනිදා දක්වා සිව් දිනක් නිවාඩු දී තිබූ අතර ගාලු දිසාවේ පාසල් දිසාවේ පාසල් සඳහා නිවාඩු ලබා දී තිබුනේ ඊයේ (9) සහ අද (10) දක්වා දින දෙකක් පමණි.
කාලගුණය යහපත් අතට හැරෙමින් තිබෙන නිසාත් මාතර නිල්වලා ගගේ සහ ගාල්ල ගිං ගගේත් ජල මට්ටම පහත බසිමින් තිබෙන නිසාත් මේ පියවර ගත් බව ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
තවමත් ගං වතුරට යටවී ඇති හා ගං වතුර නිසා අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් විවෘත කිරීම සදහා අවශය තීරණය හෙට (11) දිනයේදී ගැනීමට නියමිත බව ද එම අමාත්‍යාංශය කියයි.
අයහපත් කාලගුණය නිසා කල් දැමුණු දකුණු පළතේ පාසල්වල වාර විභාග පාසල් යලි ආරම්භ කළ පසු තීරණය කරන බව ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කීවේය.