දකුණු පළාත මූලික කර ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජවාරම්වලට හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
මෙම පළාත මූලික කර ගනිමින් මත්ද්‍රව්‍ය ජවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුවීම කාලයක පටන් සිදුවන ක්‍රියාවක් බවත්, විදේශ රටවල සිටින මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් කිහිප දෙනෙකුගේම උපන් ගම් දකුණු පළාතේ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
මේ නිසා මත්ද්‍රව්‍ය ජවාරම දකුණු පළාත මූලික කර ගනිමින් සිදුවන බවත්, මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සැලකීමේදී හා විදේශගතව සැඟව සිටින සැකකරුවන් සැලකීමේදී සැලකිය යුතු පිරිසක් දකුණු පළාතේ පිරිස් බවත් හෙතෙම පවසා සිටියේය. මීට අමතරව මියගොස් සිටින පිරිස් සැලකීමේදීත්, ජාවාරම් ක්‍රියා සිදුකරන බවට දැනට හඳුනාගත් පිරිස් සැලකීමේදීත් ඔවුන්ගේ උපන් ගම් දකුණු පළාතේ බවත් සඳහන් කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය යොදවා තිබෙන බවත්, සමහර අවස්ථාවල ආරක්ෂක වැඩපිළිවෙළ අතරින් ගොස් ජාවාරම්කරුවන් ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරන බවට නිරීක්ෂණය වී තිබෙන බවත්, මේ අනුව නව වැඩපිළිවෙළක් යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සැලසුම්කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසා සිටියේය.
ඇල්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 07 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, අදාළ ඝාතනය සිදුකිරීම සඳහා සැකකරුවන්ට උපදෙස් ලබා දී තිබෙන්නේද විදේශ රටක සිටින පුද්ගලයකු බවට තොරතුරු හෙළි වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙරට තුළ සිටින ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අමරතව විදේශ රටවල සැඟව සිට මෙරට තුළ ජවාරම් ක්‍රියා මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පවසා සිටියේය.