saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3894 hours ago

LATEST

වැඩිකල ඉන්ධන කෝටාව ගැන තීරණය අද

calendar_today 2023 අප්‍රේ 18 - 09:39 remove_red_eye - 537  

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළද එලෙසම ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.

බිබිල කරාඩුගල පොලිස් වසමට අයත් පේරණ හංදිය අසලදී ඉකුත් ඊයේ (17දා) ත්‍රීවීල්රථයක් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් මියගොස් රියදුරු සහ තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි කරාඩුගල පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නම දෙනාම මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තල්දෙන වරද කරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් 04/17 දින සමත් වී තිබේ.

Read More

වැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හයදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

Read More

බෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් අද (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇති දියණියට තවම නමක්වත් දමා නැත් බවද පොලීසිය කියයි.

Read More

චීනයට අප රටේ රිළවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Read More

මාතලේ රත්තොට රිවස්ටන් හා නකල්ස් ප්ර දේශය ආශ්රිපතව මේ දිනවල ඇටි කෙසෙල් ඇති අතර ඉදුණු ඇටි කෙසෙල් කැන් කිහිපයක්ම දැක ගැනිමට හැකි විය.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනෙක් අද (17) අළුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .

Read More

මෙම වසරේ පළමු කාර්තුවේදී චීනයේ මෝටර් රථ අපනයනය 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව චීන රේගු දත්ත පෙන්වා දෙයි. ඒ සඳහා විදුලි වාහන නැව්ගත කිරීමේ වර්ධනය ප්‍රභල දායකත්වයක් ලබාදී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

Read More

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම කඩුලු හතකට ලකුණු 117ක් රැස්කරගෙන සිටියි.

Read More

අවුරුදු කාලසීමාවේදී දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දිනයේදී දුම්රිය ගමන්වාර 18ක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර පහක්ද වෙයි.

Read More

යාපනය පන්නෙයි වටරවුමේ නයිනතිව් නාගභූෂණී අම්මාන් කෝවිලේ ප්‍රතිමාවක් කිසියම් පාර්ශවයක් ඉදිකිරීම සහ ඉන් පසුව එම ප්‍රතිමාව ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගැනීමත් සමග පාර්ශව කිහිපයකින් විරෝධතා එල්ල වී ඇතැයි වාර්ථා වෙයි.

Read More

2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුල එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන බැවිනි.

Read More

දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් නානුඔය සිට නුවරඑළිය ඔස්සේ උඩුපුස්සැල්ලාව දක්වා විදුලි දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.

Read More

අධිවේගී මාර්ගයේ ඉකුත් පැය 48 ක කාලය තුළ ( අද අලුයම 6 දක්වා) රුපියල් 7 කෝටි 55 ලක්ෂ 8100 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවසීය.

Read More

කොත්මලා ඔයේ ප්‍රධානතම අතු ගංගාව වන අග්‍රා ඔයේ මාළුන් විශාල ප්‍රමාණයක් හිටිහැටියේම මියගොස් ඇති බවත්, එම මාළුන් ආහාරයට ගැනීම අහිතකර විය හැකි බැවින් ආහාරයට ගැනීම හෝ අලෙවි කිරීම සිදු නොකරන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් තලවකැලේ, ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී රිෂිනි දුරෙයිරාජ් මහත්මිය පැවැසුවාය .

Read More

ශ්‍රී ලංකා හිටපු පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චරිතාපදානය ඇතුළත් චිත්‍රපටයට අදාළ පළමු පෝස්ටරය මේ වන විට එළි දක්වා තිබේ.

Read More

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කණ්ඩායම් උසස් පෙළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් මඟහැර සිටීම හේතුවෙන් රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියම අර්බුදයට ලක්වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න පවසයි.

Read More

දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ හෙරොයින් තොගෙය් වටිනාකම රුපියල් බිලියන තුන ඉක්මවන බව නාවික හමුදාව පවසයි.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ පෙරේදා 16 රාත්‍රී සිදුවූ අනතුරු රැසකින් වාහන 26 කට ආසන්න සංඛ්‍යාවකට අලාභ සිදු වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

Read More

ජපන් ආධාර යටතේ ශ්‍රී ලංකවේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජයිකා ආයතනයේ අවධානය යොමුව තිබේ.

Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ගුවන් තොටුපළේ දී ඉකුත් 04/15 දින කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට බංග්ලාදේශය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පැරිස් සමාජය අගය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් රිය අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝශයකට ලක් වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය හෙට උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

Read More

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් කැබ් රථය කරවනැල්ල කහටගස් තැන්න ප්‍රදේශයේ දී තාප්පයක ගැටීමෙන් අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව රුවන්වැල්ල පොලිසිය කියයි.

Read More

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.