කිරිපිටි ආනයනයට සහ කිරිවලට අදාළ අනෙකුත් ආහාර සඳහා වාර්ෂිකව වැයකරන රුපියල් කෝටි 10,000කට වැඩි අතිවිශාල මුදල රටට ඉතිරි කර ගැනීම වෙනුවෙන් සහ දැයේ දරුවන් සුපෝෂිත පරපුරක් ලෙස ගොඩනැගීම වෙනුවෙන් දේශීය කිරි ගොවියා ශක්තිමත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාසල් සිසුන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ රත්නපුර කජුවත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කළ අවස්ථාවේදී අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. එමෙන්ම ඉවතලන කිරි පැකට් වෙනුවෙන් ප‍්‍රතිචකී‍්‍රකරණ වැඩසටහනක් ද කි‍්‍රයාත්මකය.
රටේ ජනගහනයෙන් සියයට 15කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළීම රටක් ලෙස යහපත් තත්ත්වයක් නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.
ග්‍රාමීය කිරි ගොවියා ශක්තිමත් කිරීම තුළින් ග්‍රාමීය දුගී භාවය අවම කර යහපත් ආර්ථක වර්ධනයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් බව ද ජනාධිපතිවරයා පැවැසීය.
පාසල් සිසුන් වෙත දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන සඳහා 2019 වසර වෙනුවෙන් මේ වන විට රජය රුපියල් මිලියන 4000කට අධික මුදලක් වෙන් කර ඇති බව ද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපති කාර්යාලය ඒ සඳහා රුපියල් මිලියන 1000කට වැඩි මුදලක් වැය කරන අතර කිරි පැකට් බෙදා හැරීමේ මූලික වගකීම කාර්ගිල්ස් සහ මිල්කෝ ආයතන විසින් දරනු ලබයි.
