අලුත්ගම පොලිස් වසමේ අරුණළු ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විශේෂ වැටලීමක් සිදු කර තිබේ.
ඊයේ (23) උදෑසන 10.40 ට පමණ මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
දැනට අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධූෂ්ගේ හා කංජිපානි ඉම්රාන් නැමති සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම සැකකරු මනුෂ්‍ය ඝාතනයන්ට ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්ද අත්අඩංගුවට පත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු අරුණළු ප්‍රදේශය, කුරුන්ද පාර, දර්ගානගරය යන ලිපිනයේ පදිංචි ලන්තුවාහන්දි සංජීව පුෂ්ප කුමාර නැමැත්තෙකි.
සැකකරු සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
