යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි දේව සුරුවමක් කිසියම් පිරිසක් විසින් ඊයේ (23) රාත්රියේ කඩා දමා ඇති බව යාපනය පොලීසිය පවසයි.
යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාළ කිතුණු දේවස්ථානයේ ඉදිරිපස මෙම දේව සුරුවම ඉදිකොට තිබූ අතර එමඟින් කිතුණු බැතිමතුන් විශාල පිරිසක් දෛනික ආගමික කටයුතු සිදු කරගත්හ.
එවැනි ආගමික වතාවත් සිදු කරන ලද දේව සුරුවම කඩා විනාශ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරි ක්රියාවක්දැයි පොලීසිය සැක පළ කරන අතරම දේව සුරුවම කඩා දැමුණු පුද්ගලයින් කවුරුන්දැයි යන්න සෙවිමට පොලීසිය විසින් පරීක්ෂණයක්ද අරඹා ඇත.
මීට පෙරද අවස්ථා කිහිපයකදීද යාපනය, වඩ්ඩුකොඩ්ඩෙයි හා මන්නාරම ප්රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණු අතර උතුරු පළාතේ පිහිටි කිතුණු දේව සුරුවම් කඩාදමන හෝ කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් ක්රියාත්මක වන බවට බියක් ඇති බවටද උතුරේ කිතුණු බැතිමතුන් වැඩිදුරටත් කියා සිටිති.
