වෙළඳ සැලක් පවත්වාගෙන යන විශ්‍රාමික ගුරුවරයෙකු ගෙලට එල්ල වු තියුණු කැපුම් තුවාල හේතුවෙන් දැඩි සේ අසාධ්‍යව බළන්ගොඩ මූලික රෝහලට අද (23) අලූයම ඇතුළු කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
බළන්ගොඩ පොලිස් වසමේ බුලත්ගම ප්‍රදේශයේ පදිංචි එච්. නන්දසිරි මහතා මෙසේ රෝහල්ගත කර ඇත.
ඔහුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ප්‍රකාශකයා පැවසීය.
ඔහු සිය නිවසේ සිටියදී 23දා අලූයම හතරත් පහත් අතර කාලයේ මෙම ප්‍රහාරයට මුහුණ දී ඇති බවට තොරතුරු ලැබුණ බව බළන්ගොඩ පොලීසිය පැවසීය.
පහරදීමට හේතුව හෝ සැකකරුවන් කවුරුන්ද යන්න පිළිබඳව බළන්ගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
