දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරේ විරෝධතාවක්
යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
වවුනියාව තැපල් කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර යුද්ධය අවසන් වී වසර 10ක් ගත වී ඇතත් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට රජයන් අපොහොසත් වීම හේතුවෙන් වහාම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිටියහ.
අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (24) දින 885 ක් ගෙවුණද මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරය හෝ මැදිහත් වී දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසට විරෝධතා කරුවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.


popular news
-
කිරිකැටියා Wednesday, 24 July 2019 02:17 PM
කරුණාකරල මුන්ට දේශපාලන සිරකරුවන් නොකියන්න. මුන් ත්‍රස්තවාදියෝ ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

