මන්ත්‍රීවරු අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අමාත්‍යවරු නෑ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අමාත්‍යවරුන් නොපැමිණීම සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (23දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න යටතේ ප්‍රශ්න 15ක් අද (23දා) ඉදිරිපත් කර තිබූ අතර, එයින් 13කට පිළිතුරු ලබාදීම සඳහා නියමිත අමාත්‍යවරු ඒ මොහොතේ සභාවට පැමිණ නොසිටියහ.
වාචික ප්‍රශ්න ඉදිරිපත් කළ මන්ත්‍රීවරුන් අතරින් තිදෙනෙක් පමණ එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.
වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට නියමිත අමාත්‍යවරුන් අතරින් වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පමණක් පිළිතුරු ලබාදීමට ඒ අවස්ථාවේදී සභා ගැබෙහි සිටි අතර, අනිකුත් ප්‍රශ්න සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතික මහතා පිළිතුරු ලබාදුන්නේය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටි අතර, එහිදී කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ තමා මීට පෙරද අවස්ථා කිහිපයකදී අමාත්‍යවරුන්ට ඒ බව දැනුම් දී ඇති බවයි.

popular news
-
dilal Wednesday, 24 July 2019 07:29 PM
මේක දැන් දශක ගණනාවක සිට තිබෙන ප්‍රශ්නයක් .ඒ වගේම සමහර ප්‍රශ්නවලට ඇමතිවරු දෙන උත්තර මන්තිවරු පිළිගන්නෙත් නැහැ.සමහර ප්‍රශ්නවලට උත්තර ඇත්තෙත් නැහැ.දැන් බලන්න සෝෆා ගිවිසුම රජය කියනවා එහෙම එකක් නැහැ කියා.විපක්ෂය කියනවා තියෙනවා කියා.කව්රුවත් එය පළකරන්නේ නැහැ ජනතාවට බලාගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

