සමාජවාදී තරුණ සංගමයේ ”සහෝදරත්වයේ දිනය” නිහඬ විරෝධතාවෙන්
“තවත් කළු ජූලියක් එපා!” යන්න තේමා කරගනිමින් සමාජවාදී තරුණ සංගමය අද (23දා) දිනය”සහෝදරත්වයේ දිනය” ලෙස නම් කරමින් සංවිධානය කළ නිහඬ විරෝධතාව හා සංස්කෘතික වැඩසටහන කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.
ජාතික සමගිය සහ ජාතිකත්වයන් අතර සහෝදරත්වය වර්ධනය කිරීමේ අරමුණින් වීදි නාට්‍ය හා සංගීතමය වැඩසටහන් මෙහිදී සංවිධානය කර තිබිණි.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර,සමාජවාදී තරුණ සංගමයේ ප්රචාරක සහ ජාත්‍යන්තර ලේකම් අංජන සම්පත් අමරසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත කැකිරාවේ සුදස්සන හිමි, සම්මානනීය රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර, සිල්මා මොහිදීන් අහමඩ්, %මාරුතයේ හඬ^ සංවිධානය වෙනුවෙන් විදර්ශන කන්නංගර, කාව්‍ය ශ්‍රී විශාරද හිනිදුම සරණසිරි හිමි, රම්‍ය ලංකා සංවිධානය වෙනුවෙන් එන්. එම්.එම්. ඉන්ෂාන් ඇතුළු පිරිසක් මෙහිදී කෙටි අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ගායන ශිල්පී ඉෂාක් බෙග්, පියත් රාජපක්ෂ, සුලක්ෂන් අශෝකන්, සුදන්ත මාධව, ලලිත් රාජපක්ෂ ඇතුළු කලාකරුවන් පිරිසක් හා සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

