saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6332 hours ago

LATEST

චීන කාබනික පොහොර ගෙනා නැව ආපසු යයි

calendar_today 2021 ඔක් 02 - 10:34 remove_red_eye - 614  

චීනයේ සිට කාබනික පොහොර ශ්‍රි ලංකාවට ගෙන ආ නැව ආපසු ගොස් ඇති බවත් ශ්‍රි ලංකාවේ ප්‍රමිතීන්ට අනුව පොහොර ලබාදීමට අදාළ සමාගම එකඟ වි ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කලේය.

වසරේ මේ දක්වා වාර්තා වි ඇති ඩෙංගු රෝගින් සංඛ්‍යාව පසුගිය වසරට සාපෙක්ෂව පහළ යාමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read More

සේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියි. මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කළ බස් රථ සම්බන්ධයෙන් ලබන සඳුදා සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

Read More

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (01) දින පස්වරුවේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ දින රාත්‍රියේ සිට විවෘත කර ඇත.

Read More

මුරුංකන් පොලිස් ස්ථානය අසල මාර්ග බාධකයේ දී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9යි ග්‍රෑම් 920ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රට විවෘත කළ ඊයේ (01) සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මගීන් වැඩිපුර පටවාගෙන ධාවනය වූ පෞද්ගලික බස්රථ 9ක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා පැවසීය.

Read More

බ්‍රසීලියානු ජෛව තාක්‍ෂණ සමාගමක් වන බයෝම් විසින් චීන සමාගමක් වන කැන්සිනෝ ජෛව විද්‍යාත්මක සමාගමේ කොවිඩ්-19 එන්නත් එරට තුළ බෙදාහැරීම සඳහා ගිවිසුමකට පැමිණ තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද (01දා) රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

Read More

රෝගයට එරෙහිව පූර්ණ එන්නත ලබා දුන් වැඩිහිටි ජනගහනය ප්‍රාන්ත හා ප්‍රදේශීය වශයෙන් 80%කට ආසන්න වනවිට මෙම තීරණයට එයි.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200 කින් ඉහළ දැමිය යුතු බව ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි. නැව් හා රක්ෂණ ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් එකතු වූ විට වියදම පමණක් පියවා ගැනීමට 12.5 ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,800 කට අලෙවි කළ යුතු බවයි ඔවුන් සඳහන් කර සිටියි.

Read More

පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නායයෑම් අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි.

Read More

ඉක්වදෝරය මෙම සතිය මුලදී සිදු වූ දරුණුතම කැරැල්ල හේතුවෙන් සිරකරුවන් 118දෙනෙකු මියගොස් තවත් 79 දෙනෙකු තුවාල ලැබීය.

Read More

ඊයේ (30) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 58 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 10 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 48 දෙනෙකු අයත්.

Read More

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අතිරේ​ක ක්‍රීඩකයන් පස්දෙනෙකු නම් කර තිබේ.

Read More

පාස්කු ප්‍රහාරය වළක්වන්න ක්‍රියාමාර්ග නොගැනීම නිසා රාජකාරිය පැහැර හැරීම වගේම මිනීමැරීම් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාට කොලඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී චෝදනා පත්‍ර භාර දීම අද (01) සිදුවුණා.

Read More

2021 වසර අවසානය වන විට අවු. 3ට වැඩි සියලුම පදිංචිකරුවන්ට එන්නත් කිරීමට ආර්ජන්ටිනාව සැලසුම් කරයි.

Read More

2022 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත, එළඹෙන පාර්ලිමේන්තු සතියේ (04 සිට 08 දක්වා) දිනයක දී මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

සියලුම ආසාදන හා මරණවලින් 19%ක් සහ 14%ක් වාර්තා කරමින් එක්සත් ජනපදය තවමත් කොවිඩ්-19 රෝගීන් හා මරණවලින් ලොව ඉදිරියෙන්ම සිටී.

Read More

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

Read More

කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිටිය යුතු බව ත් දැඩි පියවර ගත යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියි.

Read More

ඇත්ත කියන අය දඩයම් කිරිම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට හා කෘෂිකාර්මික සේවා දියුණු කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලැබීමට නියමිත බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ණය මුදල කඩිනමින් ලැබීමට නියමිත බවද ඒ මහතා සඳහන් කරයි.

Read More

මට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More

මෙහිදි අත්‍යාවශ්‍ය සේවක පිරිස් සේවයට කැඳවිය යුතු වන අතර ඒ සදහා ආයතන ප්‍රධානියාට බලය පවරා දි තිබේ. නිල වාහන හිමි හෝ සංචිත මගින් සේවයට කැඳවන සේවකයන් අඛණ්ඩව සේවයට වාර්තා කළ යුතු වෙයි. අනෙකුත් නිලධාරින් මාර්ගතව සේවය කළ යුතු වෙයි.

Read More

සේවා ලබාගැනීමට අපේක්ෂිත ජනතාව වෙනුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදු කර සිටියි. සේවා ලබා ගැනීමට පැමිණීමට පෙර 011 2 677 877 අංකය අමතා දිනයක් හෝ වේලාවක් වෙන් කර ගත යුතුයි.

Read More

ණය වාරික නොගෙවීම මත තම ගණුදෙනුකරුවන්ගේ වාහන හා දේපළ පවරා ගැනිමෙන් වළකින ලෙස මහ බැංකුව සියලුම බැංකුවලට හා මූල්‍ය ආයතනවලට උපදෙස් ලබාදි තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි පිය පුතු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත් වුණා.

Read More

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100 ක ආන්තිකයක් පනවමින් මහ බැංකුව මිට පෙර නිකුත් කර තිබූ රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

සිය නිවසේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සුම් තුවාල සහිතව ඇය මියයෑමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ මස 14 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.