බිම වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලාගෙන එය අයිති තරුණයාට බාර දීමට අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා අද(14දා) ක්රියාකළේය.
අඟුණකොළපැලැස්ස අක්කර 50 ප්රදේශයේ පදිංචි සමිදු වනිගසිංහ තරුණයාට අයත් මුදල් පසුම්බිය පසුගියදිනයකදී අස්ථානගත වී ඇති අතර, මුදලින් රුපියල් හැටහතරදහස් එකසිය දහයක්, ජාතික හැඳුනුම්පත සහ රියැදුරු බලපත්රය එම මුදල් පසුම්බියෙහි තිබී හමු වී ඇත. අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතා අදාල මුදල් පසුම්බිය අඟුණකොළපැලැස්ස නගරයේ බිම වැටී තිබෙනු දැක ඇති අතර ඔහු එය රැගෙනවිත් එහි අයිතිකරුට බාර දීමට කටයුතු කළේය.
අනීෂා මානගේ
