සමාජවාදී තරුණ සංගමය ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව අද (14දා) මහියංගණ නගරයේ පළතුරු පැළ හා මලක් සිහිත සිහිවටනයක් බෙදා දෙමින් “හැමෝටම ආදරෙන් ඉන්න පුළුවන් රටක් හදාගමු “ යන තේමාව යටතේ නගරයට පැමිණෙන හා වෙළෙද ස්ථානයන්හි සේවයේ නියුතු පිරිස් සදහා පළතුරු පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට සහභාගි වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා “ දැනට වසර එකහමාරකට පෙර වත්මන් ආණ්ඩුවට තරුණ තරුණියෝ ආදරය ප්රකාශ කරා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ ආදරේට බූට් එක තිබ්බා.“ යැයි ඔහු ප්රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර මහතා.“අද ලෝකයේම තරුණ තරුණියෝ ආදරය ප්රකාශ කරන දිනය අද සමාජවාදී තරුණ සංගමය විදිහට මේ වෙලාවේ විශේෂයෙන්ම පරිසරයට ආදරය කරන්නත් ඒ වගේම මිනිස්සු මිනිස්සු ලෙස ආදරය කරන්නත් කියන තේමාව අරගෙන අපි අද රට පුරා ආදරේ බෙදන්න පටන් ගෙන තියෙනවා. මේ වෙද්දි අපි මුළු සමාජයක් විදිහටම අපි ආදරය අහිමි කරගෙන තියෙනවා. මීට අවුරුදු එකහමාරකට පමණ පෙර. මේ රටේ තරුණ තරුණියෝ තමන්ගේ ආදරය ප්රකාශ කරා මේ වත්මන් ආණ්ඩුවට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට. හැබැයි අවුරුදු එකහමාරක් යන්න ලැබුණේ නෑ. හැම පාලකයෙක් ම කරා වගේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත්, මේ රටේ තරුණ තරුණියන්ට ඒ ආදරේට බූට් එක තියලා තියෙන්නෙ. ඒ නිසා තරුණ තරුණියන්ට අපි කියන්නේ ඔබේ ආදරයට බූට් තියපු මිනිසුන් පැත්තකට දාලා, ඇත්තටම ඔබේ ආදරේ වෙනුවෙන් මේ වගේ මේ පරිසරයට ආදරය කරන පිරිසක් වෙනුවෙන් අපි හැමෝම පෙළ ගැහෙමු කියලා“ යනුවෙන් තවදුරටත් අදහස් දැක්විය
මහියංගණ - රංජිත් කරුණාවීර




