ලෝකයේ බොහෝ රටවල් මිල සූත්‍ර භාවිත කරන බවත් මිල සූත්‍ර සකස් කිරීමේදී නිවැරදිව එය සකස් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
“2020 අප්‍රේල් මාසයේදී බොර තෙල් බැරලයක මිල සෘණ වුණා. හැබැයි ලංකාවේ බැස්සේ නෑ. මිල සූත්‍රයක් තිබුණම වෙන්නේ මිල අඩුවන විට එහි ප්‍රතිලාභය පාරිභෝගිකයට යනවා.
ඉහළට යනවනම් බද්දත් පාරිභෝගිකයට වදිනවා. නමුත් මිල සූත්‍ර යේදී උච්චාචනය අඩු කරන්න බෑන්ඩ් එකක් හදන්න පුළුවන්. මේ බෑන්ඩ් එක ඇතුළේ ඉහළ පහළ යන්න පුළුවන්.මේවා මේ ලෝකයේ වැදගත් රටවල් කරන දේවල්. නමුත් මොලේ කල්පනා කරලා සූත්‍රය හරියට සකස් කර ගන්න ඕන.”