සමස්ථ දුම්රිය මාර්ග පද්ධතිය කටුනායක ගුවන්තොටට සම්බන්ධ කිරිමට යයි
කටුනායක ගුවන් තොටුපළ සම්බන්ධ කෙරෙන බහුවිධ පොදු ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරිමට යයි. ඊට සමගාමිව වේයන්ගොඩ හා ඔරුගොඩවත්ත දුම්රිය ස්ථාන සම්බන්ධ කරනු ලබන පුළුල් දුම්රිය මාර්ග පද්ධතියක් ද කටුනායක ගුවන් තොටුපළ හා සම්බන්ධ කිරිමට යෝජනා වි ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා පවසන්නේ මේ සදහා ශඛ්‍යතා අධ්‍යනයක් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සිදු කර ඇති අධ්‍යනයකට අනුව වසර 2030 වන විට කටුනායක ගුවන් තොටුපළ භාවිතා කරන ගුවන් මගී සංඛ්‍යාව මිලියන 21.5 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ.
ඊට ගැළපෙන පරිදි ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඊට සමගාමීව ගුවන් මගීන් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රවාහනය සදහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරිම අත්‍යාවශ්‍යම බැවින් මෙම යෝජනාව ඉදිරිපත් කරන බව ඇමතිවරයා කියයි.
රජයට වැඩි බරකින් තොරව මිට අදාළ ශඛ්‍යතා අධ්‍යනයක් සිදු කිරීමට චයිනා හාබර් සමාගම එකගතාවය පළ කර ඇති බැවින්, ඒ සදහා කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කිරීමට අපේක්ෂා කෙරේ.
ගුවන්, දුම්රිය හා බස් ගමනාගමනය ඒකාබද්ධ කෙරෙන බහුවිධ පොදු ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් කටුනායක ඉදිකිරීම, සමස්ථ දුම්රිය මාර්ග පද්ධතිය බණ්ඩාරනායක ගුවන් තොටුපළ හා සම්බන්ධ කිරිම, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් මෙම ශඛ්‍යතා අධ්‍යනය සිදු කිරිමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කරයි.
popular news
-
Kumar Monday, 14 February 2022 06:57 PM
Boruwata thamanta wasi labaaganna cheeneta nayawenna yanwa. dan thibena dumriya margaya oya kiyana deyata saahewa. Californiawwe api wesena predshaya haraha thani duriya margaye dinakata, gal 90 k sahitha dumriya 34 k dawanayawana athra adhiwegi magi dumriya 16 k gaman karanawa.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

