ගාල්ල නගරයේ අලංකරණයට බාධාවන අයුරින් මාගාල්ල දෙවට වෙරළ තීරයේ සහ ජාකොටුව වැල්ලේ ඇති අනවසර මාළු වෙළෙඳසැල් ඉවත් කිරීම අද (14දා) සිදු කෙරිණි.
ගාල්ල මහ නගර සභාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම අනවසර මාළු වෙළඳ සැල් ඉවත් කිරීම සිදුකරනු ලැබුණි. දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මාළු වෙළෙඳසල් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කළ අතර දෙවට වෙරළ තීරයේ සහ ජාකොටුව වැල්ලේ අනවසර මාළු වෙළෙඳසල් 23ක් ඉවත් කිරීමට කටයුතු කරන බව ගාල්ල මහ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පැවසිය. එම මාළු වෙළදුන් සදහා විකල්ප ස්ථාන ලබා දීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්