මාත්‍රා තුනම ගත්තානම් මරණයට පත්වීම අඩුයි
කෝව්ඩි-19 තුන්වැනි මාත්‍රාව ලබාගෙන සිටින පිරිස්වලට කෝව්ඩි-19ආසාදනය වුවද, ඔවුන් මරණයට පත් වීම ඉතාමත් අඩු බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා විවිධ පුද්ගලයන් සිදු කරන වැරදි ප්‍රකාශවලට ඇහුම්කන් නොදීකෝව්ඩි-19දෙවැනි මාත්‍රව ලබාගෙන සිටින පිරිස් තුන්වැනි මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන්නැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය.
මීට අමතරව තවමත් එකදුඑන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගෙන සිටින පිරිස් ඇත්නම් ළඟම පිහිටි කෝවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයට ගොස් එම එන්නත ලබාගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
කෝවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිස් නියමිත කාලය සම්පුර්ණ වූ පසු දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවත්, දෙවැනි මාත්‍රාව ලබාගෙන සිටින පිරිස් නියමිත කාලය සම්පූර්ණ වූ පසු තුන්වැනි මාත්‍රාව ලබාගතයුතු බවත් ඒ මහතාසඳහන් කළේය.
කෝවිඩ්-19 එන්නත පිළිබඳ යම්යම් පිරිස් වැරදි ප්‍රකාශ සිදුකළද,රෝගයෙන් ආරක්ෂා වීමට නම් එන්නත ලබා ගත යුතු බවදහෙතෙම සඳහන් කළේය.
popular news
-
Siri48520 Sunday, 13 February 2022 10:49 PM
ඩොලර් වලට කෑදරකමට ප්‍රකාශය නිකුත්නොකර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න එන්නතිින්කිකිසිදුආරක්ෂාවක් නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

