මාසිකව පළ කෙරෙන ජනප්‍රිය ව්‍යාපාරික සහ පුවත් සඟරාවක් වන ‘ගෝලීය වර්ධන සංසදය’ (WGF) නමැති සඟරාවේ “2021 වසරේ පුද්ගලයන්” පිරිස අතරට, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා, ‘රාජ්‍යතාන්ත්‍රික සහ ද්විපාර්ශ්වික සබඳතා’ සම්බන්ධයෙන් තෝරාගෙන ඇත. 2021 වර්ෂය තුළ ධනාත්මක ගෝලීය වර්ධනයක් ඇති කිරීම උදෙසා ඵලදායී භූමිකාවක් ඉටු කළ විවිධ තරාතිරම්වල පුද්ගලයින් WGF සඟරාව විසින් තෝරාගනු ලැබී ය. මෙහිදී ‘රාජ්‍යතාන්ත්‍රික හා ද්විපාර්ශ්වික සබඳතා’ සම්බන්ධයෙන් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීම " වෙනුවෙන් 2021 වසරේ WGF පුද්ගලයා වශයෙන් තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමා තෝරාගන්නා ලදි.
