සමෘද්ධියට වැඩි කළ සියයට 28 ක දීමනාව හෙට සිට
දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන්ට වැඩි කළ 28% ක සමෘද්ධි දීමනාව හෙට (14) දින සිට සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිත බවත්, 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද, රුපියල් 1500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
අනුරාධපුරයේදි අද දින (13) ඒ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස දිවයින පුරා සිටින දාහත් ලක්ෂ හැට හත්දහසක (1,767,000) පවුල් ඒකක සංඛ්‍යාවක් සඳහා මෙම හිමිකම ලැබෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

