රුපියල් පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෙද්යවරුන්ගේ ආපන ශාලවෙන් ආපන ශාලවේ අඩුපාඩු පෙන්වා දෙමින් ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව පවසමින් ආපන ශාලවේ හිමිකරුට බලපෑම් කරමින් නිතර මෙම මුදල් ලබා ගැනීම සිදුකර බව ඇති බව පරික්ෂණ මගින් අනාවරණය වී තිබේ
මෙම මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා දිගින් දිගටම සිදු කරනු ලබන අල්ලස් ගැනීම සම්බන්ධව එය පවත්වාගෙන යන පුද්ගලයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
අත්අඩංගුවට ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පේරාදෙණිය පොලීසියටබාරදී ඇති අතරසැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන බව පේරාදෙණිය පොලීසිය පවසයි.