මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතගේ නිවසට එල්ල වූ මැර ප්‍රවාරය පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
ඒ අනුව ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය, කැස්බෑව පොලීසිය හා පිළියන්දල පොලීසිය මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි ඔහු පැවැසීය.
මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවද ඔහු පැවැසීය.
එසේම දුරකතන කුළුණු වාර්තා ලබා ගැනීම සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගත් බවත් ඔහු පැවැසීය.