සෞඛ්‍ය ක්ෂේත්රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයකට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගෝලීය ව්‍යසනය මැද විවිධ අපහසුතා ඔස්සේ ඔවුන් සිදුකළ අසීමාන්තික කැපකිරීම කිසිදු අයුරකින් අවතක්සේරුවට ලක් කිරීමට ඉඩ නොතබන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ලොව ඇතැම් රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල ව්‍යසනය මැද එය මගහැර පලායද්දී මෙරට සෞඛ්‍ය සේවාවේ සියලු දෙනා කළ කැපකිරීම ඉහළම ඇගයීමට ලක්වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ කීර්තිමත්ම වෛද්‍යවරයෙකු ,වෛද්‍ය වෘත්තිකයකු ලෙසින් මෙරට ජනතාවගේ හදවත් තුළ නොමැකෙන නාමයක් තැබූ මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ මාෆියාවට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දිවි පරදුවට තබා අභියෝගාත්මක වැඩපිළිවෙළක් ගෙන ගිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට පරමාදර්ශී චරිතයකි.සාධාරණ මිලකට ගුණාත්මක තාවයෙන් ඉහළ ඖෂධ ඒවායේ වෙළෙඳ නාමයෙන් නොව ඖෂධ නාමයන්ගෙන් ලබාදීම "බිබිලේ" ප්‍රතිපත්තියේ මූලික හරයයි.
සෞඛ්‍ය ක්ෂේත්රයේ වටිනාකම යොදාගනිමින් එය අයුතු ලෙස පාවිච්චි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරන්නේනම් එයට එරෙහිව ක්‍රියාත්මක වන්නටද පසුබට නොවන බව අමාත්‍ය රඹුක්වැල්ල මහතා කීය.
“ අපි දැක්කා කොවිඩ් වසංගත තත්ත්වය තුළ ලෝකයේ බලවත් රටවල වෛද්‍යවරුන් ,හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් බැහැර වුණා. මේ අවදානම ගන්න බැහැ කියලා.
හැබැයි අපි ආඩම්බර වෙනවා අපේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා කිසිම අවස්ථාවක අපිට අහන්න ලැබුණේ නැහැ සේවයෙන් බැහැර වෙලා සේවය අත්හැර ගියා කියලා. යම්කිසි අවස්ථාවක මුව ආවරණය , වෛරසයෙන් ආරක්ෂා විය යුතු ඇඳුම් තිබුණේ නැහැ.
ඒ සියල්ල පැත්තක තබා ඔවුන් ඔවුන්ගේ ජීවිත පමණක් නොවේ නිවෙස්වල දූ දරුවන් වැඩිහිටියන් ,දෙමව්පියන් සියලු දෙනාගේ ජීවිත අවදානම් තත්ත්වයක් තුළ රාජකාරි කළා. එක්ලක්ෂ පනස්දාහක් පමණ ඉන්න සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු කණ්ඩායම් එකාමෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද අපිට ලෝකයේ තුන්වන ,දෙවන තැනට එන්නත්කරණයෙන් එන්නට පුළුවන් වුණේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ බූස්ටර් එන්නත් වැඩපිළිවෙළ සාර්ථක කරගනිමින් නියමිත ඉලක්ක කරා යෑමට “
