ජෛව සංරක්ෂණ සංගමය හා G.P.V. ලංකා ආයතනය එක්ව කන්දකුලිය කලපු තිරයේ කඩොලන පැල දහසක් රෝපණය කිරීම (12දා) සිදු කෙරුණි.විවිධ හේතුන් මත විනාශ වු කඩොලාන පරිසරයට යළි ජීවය දිමේ අරමුණින් මෙම කඩොලාන සිටුවිමේ කටයුත්ත සංවිධානය කර තිබු බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසයි.
පසුගිය දශකයකට වැඩි කාලයක සිට පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි ස්භාවික කඩොලාන පද්ධතිය මිනිස්සුන්ගේ විවිධ ක්‍රියා හේතුවෙන් විනාශ විමත් සමග නැවත එය පෙර තිබු ලෙසට සැකසිමේ අවශ්‍යතාවය මත මෙසේ නැවත කඩොලාන රෝපණය සිදුව තිබේ.
ඒ අනුව කන්දකුලිය කලපු තිරයේ කඩොලාන පැල දහසක පලමු අදියරේ දී සිටුවිමට සිදුව ඇති අතර පසුව විවිධ සංවිධාන හා ආයතන එකතුවෙන් සිටුවිමට කටයුතු කිරීම අරමුණ වි තිබේ.
මේ අනුව ජෛව සංරක්ෂණ සංරක්ෂණ සංගමයට සිය මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් G.P.V. ලංකා ආයතනයේ අධ්‍යාපන හා පරිසර අංශයේ මැදිහත් විමේන් මෙම කටයුත්ත සංවිධානය කර තිබේ.




