ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකෙරෙන මෙම තාක්ෂණික උද්‍යානයට අමතරව කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශවල තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට නියමිතය.
තරුණ තරුණියන්ගේ තාක්ෂණික දැනුම, නිපුණත්වය වර්ධනය කර, අනාගත ලෝකය වෙනුවෙන් ඔවුන් බලගැන්වීම මෙම තාක්ෂණික උද්‍යාන ඉදිකිරීම මගින් අපේක්ෂා කරයි.
වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙරට ඉදිවන පළමු තාක්ෂණික උද්‍යානය ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට රජය තීරණය කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ මෙම නව තාක්ෂණික උද්‍යාන, හා දේශීය නව නිපයුම්වලට ප්‍රමුඛතාවය හිමිකර දෙමින් ජාතික හා ජාත්‍යන්තර වෙළඳ පොළට අවශ්‍ය තාක්ෂණික සේවා අපනයනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇති බවයි.
එමෙන්ම මෙම නව තාක්ෂණික උද්‍යාන ඉදිරියේදී මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන ධාවකයන් බවට පත්වනු ඇති අතර විශේෂ ව්‍යාපාර කටයුතු සේවා සපයන කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇති බවද සඳහන් කළේය.
තාක්ෂණය මත පදනම් වූ සුහුරු සමාජයක් ගොඩනැගීමේ රජයේ දැක්මට අනුව, නව තාක්ෂණික උද්‍යාන මුලික අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන ඇතැයිද කී අමාත්‍යවරයා මෙමගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සෘජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් හිමිවන බවත් සඳහන් කළේය.
තාක්ෂණික උද්‍යාන 5G පුළුල් සන්නිවේදන පහසුකම්වලින්, හා අනෙකුත් නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත සුහුරු කාර්යාල සංකීර්ණ වලින් යුක්තවේ. විනෝදාස්වාද ක්‍රියාකාරකම් සදහා , තෝරාගත් ස්ථානවල ස්වාභාවික පරිසරය සමඟ මුසු වූ ක්‍රීඩා, මානසික සහ ශාරීරික විවේක පහසුකම් වලින් ද සමන්විත වන අතර විවෘත කිරීමෙන් පසු සෘජු රැකියා 2000ක් ජනිත වෙයි.
මෙලෙස තාක්ෂණික උද්‍යාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වන්නේ ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදනයන් සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමයි. එමෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම, නවෝත්පාදන තුළින් තාක්ෂණික දියුණුව සහ කාර්මික සමාජ පරිවර්තනයක් ඇතිකිරීම අපේක්ෂා කෙරේ. මීට අමතරව, දියුණු තාක්ෂණයෙන් යුත් නව සමාගම් දිරිමත්කිරිම, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම, නව රැකියා අවස්ථා ඇති කිරීම, දැනුම බෙදා හැරීම, අදාළ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ විදේශ විනිමය ඉපැයීමෙන් ජාතික ආර්ථික සංවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරේ.
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සහය ඇතිව මධ්‍යම ඉංජිනේරු හා ඉදිකිරීම් කාර්යාංශයේ (CECB) අධීක්ෂණය සහ උපදේශනය යටතේ මෙම තාක්ෂණික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
