ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කෝවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) වැඩකටයුතු නවතා දැමූ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.
වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසා සිටියි.
Read Moreකොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා ද්විත්වය ලබාදී (සම්පූර්ණ මාත්‍රාවෙන් පසුව) මාස තුනක් ගතවන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම ආරක්ෂිත බව යුරෝපීය සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපා ඖෂධ ඒජන්සිය (EMA) පෙන්වා දෙයි.
Read Moreමහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට විකල්පයක් වශයෙන් ප්‍රවේශ ස්ථාන හතරකින් යුක්තව ද්විත්ව උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreයාපනය වඩුක්කෝඩ්ඩෙයි පොලිස් වසමේ තෝල්පුරම් ප්‍රදේශයේ නවසක් ඉදිකිරීම සඳහා සවිකර තිබූ පලංචියකින් ඇදවැටී 11 හැවිරිදි දරුවෙකු ඊයේ (08) දින මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
Read Moreඑන්නත් සහ ඖෂධ ඇතුළුව ඇෆ්ගනිස්ථානයට යුවාන් මිලියන 200ක (ඇ.ඩො.මිලියන 31ක) හදිසි ආධාර ලබාදීමේ කටයුතු වේගවත් කරමින් සිටින බවද චීනය පවසයි.
Read Moreඑළඹෙන වසරේදීත් වාහන ආනයනය නොකිරීම පැනවූ සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.
Read Moreපාස්කු ප්‍රහාරය පිළිබඳ වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ නිදහස් කිරීමට දේශපාලඥයන්ට ඒකට අත පෙවීමට නොහැකි බවත් එසේ සිදු කරන්නේ නම් එය කැකිල්ලේ නඩු තීන්දුවක් වන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.
Read More’’එන්නත් මාත්‍රා දෙකක් සහිත පළමු ආරක්‍ෂක මාර්ගය තුළ නව ප්‍රභේද හමුවේ යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා ආරක්ෂාව යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් එන්නත් මාත්‍රා තුනක් අවශ්‍ය වේ,’’ බයෝඑන්ටෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඔස්ලෙම් පැවසීය.
Read Moreප්‍රියන්ත කුමාර මහතා කෘර ලෙස ඝාතනය කළ පාකිස්තානයේ සියාල්කොට්හි අන්තවාදීන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමට සියාල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය කර තිබේ.
Read Moreකොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිගේ උපදෙසින්, මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අද දින(09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයකන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කරන ලදී. එසේම සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය, සහ පොලිස් නිළධාරීන්ග
Read Moreපාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියාල්කොට්හිදී සිදු වූ අමානුෂික පහරදීමකින් ශ්‍රී ලාංකික ඇගලුම් කර්මාන්තශාලා කළමනාකරුවෙකු ඝාතනයට ලක්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ දක්වා එම කර්මාන්තශාලාවේ සේවකයන් 345 දෙනෙකු අත්අඩංගුට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read More2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස 11 වනදා පැවැත්වීමට අද (09) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, තීරණය කර ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා අද (09) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවේ ප්‍රකාශ කළේය.
Read Moreකර්මාන්ත පරිශ්‍රයේ උර්දු භාෂාවෙන් ලියා අලවා තිබූ පෝස්ටර් වල තිබුණ දේ පිළිබඳව පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත දියවඩන මහතා දැනගෙන නොසිටි බව ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නාන් පවසයි.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreසීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය තුළ කැළණි ගඟ අපවිත්‍ර කරන ස්ථාන 1374ක් හඳුනාගෙන තිබෙනවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreගැටලු කිහිපයක් සඳහා නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේ දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.
Read Moreප්‍රධාන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන් Kandy Warriors කණ්ඩායම විසින් සිය සංචිතයට ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කර තිබේ.
Read Moreජාත්‍යන්තර පොලීසියේ පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත , බ්‍රසීල ජාතික තරුණියක් , ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී 12/09 දින උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන , ආපසු බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
Read Moreපොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලිමේ ශුරතාවලියේදි ශ්‍රී ලංකාව අද රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.
Read Moreතරග 7ක් අවසානයේ LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්වී ඇත.
Read Moreමේ වන විට බිත්තර සිල්ලර මිල රුපියල් 30කට ආසන්න වී ඇති බවත් බිත්තර තොග මිල රු. 27ට වඩා ඉහළ ගොස් ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
Read Moreවයඹ පළාත් නව ආණ්ඩුකාර වශයෙන් අද්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පත්කළ බව ජනපති ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා නිවේදනය කරයි.
Read Moreදේශීය සහ ආයුරේවේද වෛද්‍ය ක්‍රමයට වර්තමානයේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඒ සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩී.ජේ. අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreලබන වසරේදී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවා ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreපළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා, ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ’’මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’’ හමුවේ ප්‍රකාශ කළේය
Read Moreදේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වළකාලන්නයි ඉල්ලමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 27 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
Read Moreකටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලංකන් ’’ සෙරෙන්ඩිවා ’’ විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් පසුව පසුගිය දා විවෘත කිරීම සිදු විය
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More