saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6044 hours ago

LATEST

අයවැය පරදන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් එක්වෙති

calendar_today 2021 දෙසැ 09 - 11:58 remove_red_eye - 1292  

අය වැය ලේඛනයට විරුද්ධව ඡන්ද 11ක්ද පක්ෂව ඡන්ද 06ක්ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පස් දෙනෙක්ද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් තිදෙනෙකුද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයාද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 රත්‍රන් සංචිත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

පිලියන්දල පොලිසිය මගින් කරදියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සලයක් ගිලීමෙන් මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඊයේ (8දා) තහවුරු වූ බව පිළියන්දල පොලීසිය කියයි.

Read More

චීනයේ සිට කාබනික පොහොර ශ්‍රී ලංකාවට එවූ චින්ඩාවේ සීවින් බයෝටෙක් සමාගම ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවැරීමට තීරණය කර ඇති බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවක් අද (09දා) උදෑසන මිල දි ගත් රතු පැහැති ලේබලය සහිත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය නිවසට රැගෙන ගොස් ලේබලය ගලවා ඉවත් කිරිමේදි රතු පැහැති ලේබලයට යටින් සුදු පැහැති පරණ ලේබලය තිබූ බව එම කාන්තාව පැවසිය.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව​ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පවසා සිටියි

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (‍2021 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නිර්දේශය මත නිලධාරින් 84 දෙනෙකු සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1684ක් අද දින (2021 දෙසැම්බර් 09) උසස් කිරීමට කටයුතු කෙරිණි.

Read More

මේක කියන්නේ බය කරන්න නෙවෙයි. අනාගත අනතුර හඳුනාගෙන ඒකෙන් ගැලවෙන්න පිළියම් හොයන්න. මේ යන විදිහට මුකුත් නොකළොත් ලබන ජනවාරි වෙනකොට අපේ විදේශ විනිමය සංචිතය සෘණ වෙන්න පුළුවන්. එහෙම වුණොත් බොහෝදේ එක පාරටම කඩා වැටේවි. ඒක හිතන්නත් අමිහිරි සිදුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසයි, මම මේ ආර්ථික අර්බුදයේ දිග පළල හැමදාම විග්‍රහ කරන්නේ.

Read More

ඉන්දීය එක්දින හා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සි​ටියි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව එනම් බූස්ටර් එන්නත ලබාගත් පිරිස මිලියනය ඉක්මවා තිබේ.

Read More

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

(UPDATE) ජැෆ්නා කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 181ක ඉලක්කයට පිළිතුරු ලෙස කැන්ඩි කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුනු 166ක් පමණි.

Read More

ඔමික්‍රෝන් පෙර ඩෙල්ටා ප්‍රභේදයට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන බවට සමහර සාක්ෂි යෝජනා කළ හැකි නමුත් අවසාන නිගමනවලට එළඹීමට තවමත් කල් වැඩි බව WHO විශේෂඥයින් පවසා ඇත.

Read More

’’ මට සමාවෙන්න ප්‍රියන්ත. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා’’

Read More

නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ ආසියාවේ දිගම ගුහාවෙන් වසර 100,000කට වඩා පැරණි යෝධ පැන්ඩා පොසිලයක් සොයාගෙන ඇති බව පර්යේෂකයෝ පවසති.

Read More

මෙරටින් හඳුනාගත් කෝවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව නයිජීරියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයේ සිටි අනෙකුත් පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පලද, පරීක්‍ෂණ සඳහා මේ වනවිට යොමු කර ඇති බවත්, එසේම ඔවුන් සති 02ක කාලයක් දක්වා අධීක්‍ෂණය කෙරෙන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කෝවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එසේම කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇන්ජෙලා මර්කල්ගේ 16 වසරක නායකත්වය අවසන් කරමින් ඔලාෆ් ෂෝල්ස් දැන් නිල වශයෙන් ජර්මනියේ චාන්සලර්වරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.

Read More

කිසිදු හේතුවක් මත මෙරට තුළ නැවත විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

පාකිස්තානයේ සියල්කෝට්හි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී පසුගිය 03වැනිදා ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08දා) සවස ගණේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

Read More

ආසාදන වැඩිවීම හා ඔමික්‍රෝන් හමුවේ එලැඹෙන සඳුදා සිට, මිනිසුන්ට හැකිතරම් නිවසේ සිට වැඩ කරන ලෙස උපදෙස් දෙනු ලබන අතර, සිකුරාදා සිට බොහෝ ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ භාවිතය අනිවාර්ය වේ.

Read More

ඉන්දීය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් අද තමිල්නාඩු ප්‍රාන්තයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම යානය තුළ ජනරාල් රාවට් සහ ඔහුගේ බිරිඳ ඇතුළුව තවත් හමුදා සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකු රැඳී සිට ඇත. මිය ගිය පිරිස අතර හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ බිරිඳ වන මධුලිකා රාවට්ද වෙයි.

Read More

LPL තරගාවලියේ හත්වන තරගය ලෙස අද Jaffna Kings කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වෙයි.

Read More

’’කොවිඩ්-19 ට එරෙහි සටනේදී බ්‍රිතාන්‍ය ජනතාව විශාල කැපකිරීම් කර තිබෙනවා. මගේ අදහස් එම සටනට බාධාවක් වී ඇතැයි මම දැන් පසුතැවිල්ලට පත්ව සිටිනවා’’ බොරිස් ජොන්සන්ගේ හිටපු මාධ්‍ය ලේකම්වරිය කියයි.

Read More

LPL තරගාවලියේ හයවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් ලකුණු 18ක ජයක් ලැබීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

Read More

මහාමාර්ගවල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට දැනුම් දී තිබේ.

Read More

ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතා අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරීමෙන් පසුව පකිස්ථානයේ කර්මාන්ත ශාලාවල කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් විදෙස් රටවල් සමග පවත්වන වෙළෙඳ සබඳතාවලට මෙම සිද්ධිය බලපෑමක් ඇති කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.‍

Read More

වර්ථමානයේ පවතින ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුව ඇතිකරගත් ආර්ථික අර්බුදයක් බවය කවුරුන් හෝ විග්‍රහ කරන්නේ නම් එය ඉතාමත් පටු අර්ථකතනයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

Read More

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

ගෑස් හිඟයක් ඇති වෙලා, පෝලිමේ ඉදලා ගෑස් සිලින්ඩර් අරන් යන්නේ ඒ වෙලාවෙම පත්තු කරන්න බලාගෙන. දැන් ආපසු කැඳවන්නේ මුද්‍රා නොකඩපු ඒවා. ඒ නිසා දැනුත් ගෙවල් ඇතුලේ පිපිරීම් පිළිබඳ සැකයක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා හඳුනාගන්න ක්‍රමයක් තිබෙනවාද? ඒවා නැවත භාර දෙන්න කියන්න. තමුන්නාන්සේලාගේ අවසන් තීරණය එක්කෝ පුපුරලා ඉවර වෙන්න ඔ්නී. නැත්තම් ගෑස් ඉවර වෙලා අවසන් වෙන්න ඔ්නී. ඒ නිසා මේ ගෑස් පිළිබඳ ඇතිවී තිබෙන අවිනිශ්චිත තාවයට අදවත් විසඳුමක් ලබා දිය යුතුයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.