saravita-anim2

2025 ජුනි මස 02 වන සඳුදා

2025 ජුනි මස 02 වන සඳුදා

Latest News - timelapse 1203 hours ago

LATEST

බදු අඩුකිරිම් 2025 අප්‍රේල් සිට

calendar_today 2024 අගෝ 30 - 07:56 remove_red_eye - 502  

විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මො‍හොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ. රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) අත්සන් තබා ඇති බව වාර්තා විය. එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ලැබුණු බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි නිසියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මූලික කරගනිමින් පක්ෂ නා

Read More

මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රෑදී සිටියදී පොලිස් නිළධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බවත්, ඔවුන් අධිකරණ වෛද්‍ය නිළධාරි හමුවට ඉදිරිපත් කිරීමේන් පසු මත්ද්‍රව්‍ය පානය කර සිටී බවට තහවුරුව ඇති බවත් කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.

Read More

2025 වර්ෂයේදී තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබාදෙනවා.තවත් පනස්දහසකට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව ලබාදෙනවා යැයි ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අද (29) වෙනිදා සවස මොනරාගල සතිපොළ භූමියේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් පැවසීය.

Read More

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු අස්ගිරි මහනාහිමි වරුන්ට බාර දුන්නේය .

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් කල් ලබා දුන් ආහාර සලාක ලබාදීමේ ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට නියමිත බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සිය අමාත්‍යාංශයේ අද (අගෝ. 29) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

Read More

තමන්ගේ උප්පැන්න සහතිකයේ සඳහන්ව ඇත්තේ උපන් ස්ථානය ලෙස ගලේවෙල මකුළුගස් වැව මාතෘ නිවහන බවත් එම නිවහන මෙම ආසන්නයේම පිහිටා තිබෙන බවත් මෙ වන විට එහි අකුරු ලොකුවට ප්‍රදර්ශනය කොට ඇතැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා 29 දින පැවසීය,

Read More

ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

2024 වසරේ ජුලි මස ජනපතිවරණයක් පැවැත්වූයේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කරට කර තරගයක් පවතින බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය නිකුත් කළ නවතම සමීක්ෂණයක දැක්වෙයි.

Read More

රට ඉදිරියට ගමන්කළ සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ රට ආපස්සට ඇදීමට කටයුතු කළා... අද මහින්ද මහත්තයගේ වේදිකාවේ කයිවාරු ගහන වීරයෝ 2015දි එතුමා පැරදුණාම හිටියේ නෑ... මම තවම පොහොට්ටුවේ, එක්සත් ජාතික පක්ෂයට ගියේ නෑ...

Read More

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය හා 2019 දී රට බංකොලොත් කරනන්නට ජනවරම ඉල්ලපු ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම‘ යි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.

Read More

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු හා රියදුරුට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා නමැත්තා පානදුර පින්වත්ත නිවසේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

2024 ජනාධිපතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ජන්ද අයදුම් කල රාජ්‍ය ආයතන වෙත ලද ජන්ද පත්‍රිකා තැපැල් කාර්යාල විසින් එම රාජ්‍ය ආයත වෙත බෙදා හැරිම (29) දින සිට ආරම්භ කර ඇත.

Read More

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.

Read More

ඒ මහතා අද(29දා) පෙරවරුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මුනගැසී සහය පළ කිරීම සිදු කළේය.

Read More

මෙරව ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සම්පුර්ණ සහාය ලබාදීමට තම වෘත්තීය සමිති කෘත්‍යධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලද බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය එස්. සතාසිවම් මහතා පැවැසීය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය අද(29දා) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ.

Read More

දඹදිව වන්දනාවේ යෑම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා භික්ෂු හැඳුනුම්පතක් ගැනිමට උත්සාහ කරණ ලද දසසිල් මාතාවක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

Read More

දකුණු පළාත් පාසල් ක්‍රීඩා( 2024 ) තරගාවලියේදී 14 න් පහළ දුර පැනීම, මීටර් 60 සහ මීටර් 100 දිවීම සඳහා තරග කළ බෙන්තොට ගෝනගල මහා විද්‍යාලයේ ඩී.ඒ.සචින් ශමල්ක 2023 වසරේ ඔහු විසින්ම එම ඉසව් වලින් තබා තිබූ වාර්තා තුනම බිඳ දමා නව වාර්තා තුනක් තබමින් එම ඉසව් තුනේම ප්‍රථම ස්ථාන හිමි කර ගත්තේය. මෙම තරග පෙරේදා(28)මාතර උයන්වත්ත ක්‍ර්‍රීඩාංගනයේදී පැවැත්විණි.

Read More

මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත් අඩංගුවට ගෙන 08/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

Read More

බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඹදන්ඩේගම ප්‍රදේශයේ නිවසක දි දැල්වූ ගිනිකූරකින් සිය බාලවයස්කාර 12 හැවිරිදි දියණියගේ මුහුණ පුලුස්සා බැණ තර්ජනය කරමින් පහරදී දී දියණියට කෲර වධහිංසා දුන්නැයි සැකපිට දෙදරු පියෙකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .

Read More

ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් තුවක්කුකරු සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීම ඉතා බරපතල සහ අසාර්ථක ක්‍රියාවලියක් එසේ වුවහොත් දෙසැම්බර් සිට ජනවාරි දක්වා කාලය තුළ ඩොලර් බිලියන 1.2 – 1.3 ක් අතර මුදලක් මෙරටට අහිමි වෙනවා. එම මුදල් අහිමි වුවහොත් රට නැවතත් කඩා වැටෙනවා. මෙතරම් කෙටි කලකින් අර්ථික අර්බුදයක් ජයගත් එකම රට ශ්‍රී ලංකාවයි – විදේශ කටයුතු සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

Read More

එංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට(29දා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

ඒ අනුව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(2) වන වගන්තියෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා මෙලෙස තොරා පත් කිරීමට කටයුතු කර ඇත.

Read More

පාසැල් නිමවි නිවෙස් බලා යමින් සිටි පාසලක සිසුවෙකුට පිරිසක් විසින් පිහියකින් ඇනිම නිසා සිදුවු තුවාල හේතුවෙන් පේරාදෙණිය ශික්ෂන රෝහලට ඇතුලත් කල බව කඩුගන්නාව පොලිසිය පවසයි.

Read More

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු භාන්ඩ කාමරයේ සුරක්‍ෂිතව තබා තිබු රුපියල් කෝටි 24ක් වටිනා හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වී ඇති බව හෙළි වී ඇත.

Read More

ඇහැළියගොඩ ප්‍රදේශයේ අද(28දා) පැවති ජන රැළියක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

ධීවර ජනතාවට අත්‍යාවශ්‍ය වන ඉන්ධන සඳහා සහනාධාරයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කරමින් ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා අවශ්‍ය චක්‍රලේඛනය පසුගියදා (26) ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කොට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.