කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනයවූ 8056 ගාලු කුමාරී දුම්රිය අද පස්වරු 05.27ට පමණ ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයනට ලක්වූහ.
පීලි පැනීම නිසා මාර්ගයට දැඩි හානි සිදුවී තිබෙන බව දුම්රිය නිලධාරීන් සදහන් කළේය. මීට මාස කිහිපයකට ඉහතදීද මෙම ස්ථානයේදීම දුම්රියක් පීලි පැනීමකට ලක්වූ අතර මෙවර පීලි පැනීම නිසා දුම්රිය මාර්ගයට පෙරට වඩා බරපතළ හානි සිදුවී ඇති බව දුම්රිය ආරංචි මාර්ග සදහන් කළේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්



