කතරගම වන්දනාවේ ගොස් ආපසු බදුල්ල බලා එමින් සිටි එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 12 කනුව ප්‍රදේශයේ දී ඊයේ (14) පස්වරුවේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් එකම පවුලේ මව, පියා, දරුවන් පස්දෙනෙකු සහ මෝටර් රථයේ රියදුරු තුවාල ලබා බණ්ඩාරවෙල , දියතලාව , බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .
බදුල්ල හංවැල්ල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පියා (45), මව(42) , අවුරුදු (24),(10) දියණියන් දෙදෙනකු , අවුරුදු (12), සහ (13), වයසේ පුතුන් දෙදෙනකු සමග අවුරුදු 2ක කුඩා සිගිති දරුවෙක් මෙසේ තුවාල ලබා ඇති බවත් ඊට අමතරව ඇල්ල ප්‍රදේශයේ පදිංචි මෝටර් රථය පැදවූ 44 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා සිටින බවත් පොලිසිය සදහන් කලේය .
මෙම කතරගම වන්දනාවේ ගිය එකම පවුලේ පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය පියා විසින් පදවාගෙන ගොස් ඇති අතර ,ඇල්ල රාවණා ඇල්ල 12 කනුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථය ඉදිරියෙන් ගිය වාහනයක් ඉස්සර කිරිමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතයි ඇල්ල පොලිසිය පැවසීය .
එම තුවාලකරුවන් ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කීය . අනතුරින් ත්‍රිරෝද රථය ට සහ මෝටර් රථය ට දැඩි ලෙස අලාභහානි වී ඇත.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ ඒ ආර් පී අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී .එම් රත්නායක , උපපොලිස් පරීක්ෂක ජිනදාස , පොලිස් සැරයන් 54144 කපිල , 74465 දිසානායක , 66185 රූපසිංහ යන මහත්වරුන් සමග ඇල්ල පොලිසිය මෙම රිය අනතුරු සම්බන්ධයෙන් වැඩ්දුර පරීක්ෂණ පවත්වති .
ඇල්ල ප්‍රසාද් රුක්මල්
