මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ (පොතුවිල් මාර්ගයේ) වැලියාය ඉන්ධන පිරවුම් හල ආසන්නයේදී (16) වෙනිදා උදෑසන 06.10 ලංගම බස් රථයක් සහ පුද්ගලික මගී ප්රවාහන බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් ලංගම බස් රථයේ රියැදුරු මිය ගොස් බස් රථ දෙකේම සිටි මගීන් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ලංගම බස් රථයේ රියදුරුවූ රුවල්වෙල දැලිව 05 කණුව අසල පදිංචි ඩී.එම් ධනුෂ්ක චින්තක සිරිවර්ධන (32) නැමති අවිවාහකයෙකි.
මොනරාගල ලංගම ඩිපෝවට අයත් NC 0536 බස් රථය ඉදිරියෙන් පැමිණි වන්දනාකරුවන් රැගත් අංක JS 5891 දරණ පුද්ගලික බස්රථය මුහුණට මුහුණලා ගැටී ඇත.
ගැටීමෙන් අනතුරුව ලංගම බස්රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට වැටී තිබේ. ප්රදේශවාසීන් එක්ව තුවාල ලබා සිටි පිරිස මොනරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ලංගම රියදුරු මියගොස් ඇත.
තුවාලකරුවන් 20 දෙනෙකු මොනරාගල රෝහලේ ප්රතිකාර ලබන අතර කාන්තාවන් 15 දෙනෙකු රෝගීන් අතර වේ.
මොණරගල මූලස්ථාන පො.ප පී.එස් චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට මොනරාගල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක




