විෂමාචාර ක්‍රියවන් සදහා චෝදනා එල්ල වු මහෙස්ත්‍රාත්වරු දිසා විනිසුරුවරු ඇතුළු අධිකරණ නිලධාරින් දස දෙනකු පසුගිය මාසයක කාලය තුළදී සේවය අත්හිටුවිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් තරයි.
විෂමාචාර ක්‍රියවන් සඳහා චෝදනා එල්ල වු ගම්පහ අධිකරණ කලාපයේ තවත් තවත් දිසා අධිකරණ විනිසුරුවරයෙකුගේ සෙවය අත් හියුවිමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගැනිමත් සමග සේවය අත්හිටවූ අධිකරණ නිලධාරින් සංඛ්‍යාව 10 දත්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අකාර්යක්ෂම කාර්ය සාධනය පිළිබඳ චෝදනා සම්බන්ධෙයන් කෙළ පරීක්ෂණයකින් පසු ගම්පහ ප්‍රදේශයේ සිවිල් අභියාචන විනිසුරුවරයෙකුට විශ්‍රාම යාමට නියෝග කර ඇති අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විටත් විශ්‍රාම වැටුප් පත්‍රිකා ඔහු වෙත යවා ඇති බව වාර්තා වේ.
සේවා අකාර්‍යකෂමතා සහ වෘත්තීය විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අධිකරණ නිලධාරින් 37 දෙනෙකුට එරෙහිව ව විමර්ශන ආරම්භ කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන අතර විෂමාචාර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ගම්පහ අධිකරණ කලපයේ දිසා අධිකරණ විනිසුරැවරයා සහ මිනුවන්ගොඩ අතිරේක දිසා විනිසුරුවරයා විනිසුරු ආයතනයට කැඳවීමටද අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන ඇතැයි වාර්තා වෙයි.