ධිවර අමාත්‍යංශයට අයත් ශිතාගාර වලින් සියයට 90ක් පමණ පුද්ගලික අංශයට බදු පදනම මත ලබාදි ඇති බවත් ඉදිරියේ දි මෙකි ශිතාගාර යලි රජයට අත්පත්කරගැනිමට කටයුතු කරණ බවත් ධිවර හා ජලජසම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
අක්මිමන සම්බන්දිකරණ කමිටු රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව සදහන් කළේය. මේ වනවිටත් අදාළ බදු ගිවිසුම් නිතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකොට ඇති බවද හෙතම පවසයි. රජයට අයත්ව තිබු මෙකි ශිතාගාර පසුගිය රජයන් මගින් අවුරුදු 33 ,50 යන වර්ෂ සදහා බදු පදනම මත පුද්ගලික අංශය වෙත ලබාදි ඇති බවද ධිවර නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
නව ශිතාගාර ස්ථාපිත කිරිම සදහා විදේශිය රටවල් කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවත් පුද්ගලික ව්‍යවසායකයින් සදහාද ඒ සදහා අවස්ථාව ලබාදෙන බව සදහන් කළ නියෝජ්‍ය ඇමතිවරයා වාරකන් නැති කාලයට ධිවරකාර්මිකයින් විසින් නෙලාගනු ලබන මත්ස්‍ය අස්වැන්න ගබඩාකිරිම සදහා ක්‍රියාවලියක් නොමැති බවත් ඉදිරි අයවැය මගින් ශිතාගාර ස්ථාපිත එම ක්‍රියාවලිය යල සක්‍රිය කිරිමට කටයුතු කරණ බවද හෙතෙම පවසයි.
ඒ අනුව මත්ස්‍ය අස්වැන්න හිග කාලවලදි පාරිභෝගිකයින් සාධාරණ මිලකට මසුන් ලබාගැනිමට හැකියාව ලැබෙන බවද ධිවර නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය