දුම්රිය ස්ථාන අසළම බහුවිධ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරිමට මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.අමාත්‍යවරයා හැටන් බස් නැවතුම්පොලේ නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ බැවි පැවසීය.
“ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අපේ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කමිටු පිහිටුවනවා.. රටේ මිනිස්සු මිලියන 22කටම සම්බන්ධ දෙයක් තමයි ප්‍රවාහනය. අපේ රටේ ප්‍රධාන ගැටළුවක් තමයි ප්‍රවාහනය. සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන්නේ බස් රථ, කෝච්චිය නැත්නම් ත්‍රීවිල් එක වගේම පාසල් බස් රථ වැනි දේවල්. ඒවා හරියට පාලනය වෙන්නෙත් නැ. පහසුකම් ඇත්තෙත් නෑ. මේ ප්‍ර දේශයේ වැඩිපුරම කදුකර ප්‍රදේශයක් වතු ජනතාව ඉන්නේ ආර්ථික වශයෙන් අමාරු ප්‍රදේශයක්.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාරවල් හදන්න විතරක් මිලියන 2500කට ආසන්න මුදලක් වෙන් කරලා තියනවා. මිලියන 300කට ආසන්න මුදලක් අලුතිනුත් ලබා දුන්නා පාරවල් හදන්න. පාරවල් හදනවට වඩා අමාරුයි කෝච්චි, ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ තරහා වෙලා වගේ නේ ඉන්නේ. එකම මිනිස්සු තැන් දෙකකින් බෝඩ් කරන්නේ. ඒ නිසා ඒකාබද්ධ කාලසටහනකට යා යුතුයි.
ලබන වසරක කාලය තුලදී ක්‍රමානුකූලව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාල සටහනකට යන්න ඕන. ලංගම සහ පෞද්ගලික යන දෙපැත්තෙන්ම හැදිය යුතු කාරණා තිබෙනවා. අපට මේ පිලිබදව එකට බලන්න වෙන්නේ. එක් පැත්තකින් මේක මහජනතාවගේ අවශ්‍යතාවයක්, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයක්. නත්තලට කඩ දානවා වගේ, මංගල්ලෙට කඩ දානවා වගේ නෙවෙයි ප්‍රවාහනය කියන්නේ. කෝටි ගානක් වටිනවා. ඒ නිසා අපි ව්‍යාපාරේ පැත්ත බලන්නත් ඕන. ඒ කියලා ව්‍යාපාරිකයා මංකොල්ලයක් ලෙස කරොත් එහෙම ඒක ව්‍යාපාරයක් වෙන්නෑ. ඒ හේතුවෙන් මේ දෙකයට අදාළව යම් කාලයක් දෙමින් අපි පිලිවෙළක් කරන්න යනවා.
හැටන් නගරය අපේ රටේ ඉතාම වැදගත් නගරයක් වගේම ඉතාම වැදගත් දුම්රිය මධ්‍යස්ථානයක්. ඒකේ විශාල ගැටළු ප්‍රමාණයක් තියනවා. දුම්රිය ස්ථානය අසළම බස් නැවතම්පොළක් ඉදි කරන්න පුලුවන් නම් බහුවිධ ප්‍රවාහන සේවයක් එක තැනකට අරගෙන යාම අප හිතනවා ජනතාවට ඉතාම විශාල සේවයක් වෙයි කියලා. මේ අවුරුද්දේ අපි අයවැයට දාලා තියනවා එවැනි ස්ථාන 15ක් ගොඩනගන්න. ලබන අවුරුද්දටත් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ අයවැය යෝජනාවට ඉදිරිපත් කරන්න. එවැනි ස්ථාන 25ක් , නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක්ම එකතු කරන්න වෙයි කියලා.
වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් අපි පොරොන්දුවක් ලබා දුන්නා. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. අපි මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. වතු සමාගම් මේ වනවිට විශාල ලාභයක් උපයනවා. අපි ඒ අනුව වතු කම්කරුවන්ට පොරොන්දු වුණ රු.1700 ලබා දෙනවා.” යනුවෙන් පැවසීය.
