විදුල්ලංකා සමාගම විසින් පාදුක්ක ප්‍රදේශයේ ඉදිකළ නවතම සූර්ය විදුලි බලාගාරය අද (16) පෙරවරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
මෙරට පුනර්ජනනීය විදුලිබල ක්ෂේත්රයේ ප්‍රකට සමාගමක් වන විදුල්ලංකා සමාගමට අනුබද්ධ විදුල් සෝලා පවර් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම මගින් ඉදිකරන ලද මෙම විදුලි බලාගාරය මෙගාවොට් 2ක ධාරිතාවයකින් යුක්තය.
පොළොව මත ඉදිකරන ලද සූර්ය පැනල වලින් යුත් මෙම බලාගාරය විදුල්ලංකා සමාගම විසින් ඉදිකරන ලද විසිතුන්වෙනි පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.




