ඇල්ල නගරයේ සංචාරක හෝටල් හිමිකරුවෙකුගේ රුපියල් කෝටි 2ක් පමන වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් මිළදී ගන්නා මුවාවෙන් පැමින මෝටර් රථය කොල්ලකා පලායමින් සිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු අද (17) අධිකාරිගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .
අධිකාරි ගම පොලිස් මාර්ග බාධකයේ නිරතව සිටි පොලිස් නිළධාරින් විසින් පැහරගෙන යමින් තිබු සුඛෝපභෝගී මෝටර් රථය සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇල්ල පොලිසිය ට බාරදී ඇත්තේ මහනුවර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක කලමනාකරුවෙකු ලෙස සේවය කරන පිළිමතලාව ඉල්ක්වත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු සහ, බදුල්ල නෙලුම්වැව හාලිඇල සිංහපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47 , 31 වයසේ පසුවන දෙදෙනකු යැයි පොලිසිය කීය .
ඇල්ල නගරයේ සංචාරක හෝටලයක හිමිකරුවකු මහනුවර ප්‍රදේශයේ වාහන විකුණන ආයතනයකින් මෑතදී මිළදී ගත් අතිනවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථය විකිණීමට සූදානම් වී ඇති අතර , එම පුවත සැලවී එම මෝටර් රථය මිළදී ගන්නා මුවාවෙන් මෝටර් රථයකින් පුද්ගලයන් තිදෙනෙකු ඇල්ල නගරයට පැමින ඇති බවත් පොලිසිය පැවසිය .
පසුව ඔවුන් මෝටර් රථය පරික්ෂා කිරිමට අවශ්‍ය බව පවසා ඇති අතර , ඒ අනුව සංචාරක හෝටලයේ හිමිකරු ඔහුගේ රියැදුරු සමග මෝටර් රථය පිටත් කර යවා ඇතයි පොලිසිය සදහන් කලේය .
පෞද්ගලික මූල්‍ය ආයතනයේ කලමනාකරු ඔහුගේ මෝටර් රථයේ පැමින ඇති අතර සෙසු පුද්ගලයන් දෙදෙනා හෝටල් හිමිකරුගේ රියැදුරු සමග එම සුඛෝපභෝගී මෝටර් රථයේ ගමන් කර ඇති බවත් පොලිසිය පවසයි .
මෝටර් රථය බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ගල්වල අසලට පැමිනි පසුව නවතා එහි සිටි රියැදුරු බිමට ඇද දමා සැකකරුවන් මෝටර් රථය පැහරගෙන බදුල්ල මාර්ගය ඔස්සේ පලාගොස් ඇතයි පොලිසිය පැවසිය .
අනතුරුව රියදුරු මේ පිළිබඳව හෝටල් හිමිකරු ට දැනුම් දී ඇල්ල පොලිසියට පැමිණිලි කිරීමත් සමග ක්‍රියාත්මක වූ ඇල්ල පොලිසියේ නිළධාරින් මේපිළිබදව අවට පොලිස් ස්ථාන වලට පොලිස් පනිවිඩ දී දැනුවත් කල බවත් පොලිසිය කියයි.
මේ අතර කන්දකැටිය පොලිසියේ නිළධාරින් රාජකාරියේ නිරතව සිටියදී එම පැහරගෙන යමින් තිබු මෝටර් රථය දැක නැවතිමට දැනුම් දුන්නද එම පොලිස් අණ නොතකා පිරිස මෝටර් රථයෙන් පලාගොස් ඇති අතර පසුව අධිකාරිගම පොලිස් මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් පැහරගෙන යමින් සිටි මෝටර් රථය සමග සැකකරුවන් තිදෙනා ඔවුන් පැමිනි මෝටර් රථය සමගද අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටියේය.
මින් එක් සැකකරුවෙකු ට මීට ඉහතදී මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන බවද පොලිසිය පවසයි .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්
