ලංකාවේ පොලොවෙන් හමුවන, පිළිස්සීමෙන් නිල් මැණික් බවට අගය වැඩිකළ හැකි පිට ඔට්ටු මැණික් කිලෝ ගණනින් පිටරට අපනයනය කළ හැකි අන්දමට නීති සහ පනත් කඩිනමින් වෙනස් කිරිමට රජය ගෙන ඇති තීරණය වහා සලකා බලන්නැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත ක්ෂේත්රයට අදාල උපදේශන කමිටු සාමාජික සබරගමුව විශ්ව විද්‍යාලයේ ස්වාභාවික සම්පත් අධ්‍යයන අංශයේ මහාචාර්ය හසින්ත විජේසේකර මහතා ජනාධිපති, අගමැතිනිය ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ලිපියක් අගමැතිනිය, කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුලු පිරිසකට 15දා ඔවුන්ගේ අතටම ලබාදුන් බවද මහාචාර්යවරයා පැවසුවේය.
''ලංකාවේ පොළොවෙන් හමුවන තාප පිරියම් කිරිමෙන් වටිනාකම වැඩකළ හැකි ගෙවුඩ මැණික් එසේ අගය එක්කිරිමකින් තොරව කිලෝ ගණනින් අපනයනය කිරිමට අවසර දීමට කැබිනට් පත්‍රිකාවක් කඩිමුඩියේ සම්මත කිරිමට යන බව දැනගන්නට තියනවා. එහෙම වුණොත් අපේ රටට මැණික්වලින් ලබාගත හැකි විශාල ආදායමක් අහිමිව යනවා. රලුමැණික් විශේෂයෙන් කැරට් එකේ, කැරට් පහේ පිට ගෙවුඩ කිලෝ ගණනින් අපනයනය කිරිමට මේ නිසා හැකි වෙනවා.
'එවැනි කැරට් එකේ රලු ගෙවුඩ කිලෝ එකක් ඇමරිකානු ඩොලර් 10000කටත් කැරට් පහට අඩු පිට ගෙවුඩ රලු මැණික් කිලෝවක් ඇමරිකානු ඩොලර් 50000කටත් අලෙවි වනවා. යෝජනාව තියෙන්නේ ඒවා රලු මැණික් විදියට ග්‍රෑම් 500 බැගින්වු පාර්සල් වලින් අපනයනය කරන්නයි.
'මේ රලු මැණික් තාප පිරියම්කිරීම මගින් අගය වැඩි කිරීමේ හැකියාව ලංකාව තුල තියනවා. කරන අයත් ඉන්නවා. සබරගමු සහ මොරටුව විශ්ව විද්‍යාලවල මේ පිළිබදව උගන්නවා. දේශිය නිෂ්පාදනය කළ තාප පිරියම් කිරීමේ යන්ත්‍ර 2000කට වැඩි ප්‍රමාණයක් රට තුල තියනවා. ඒවායෙන් පුලුස්සලා, කපා ඔපදමන්න පුලුවන්. එහෙම කළොත් මේ රලු මැණික්ගල් අපනයනය කරනවාට වඩා විශාල ප්‍රමාණයකින් විදේශ විනිමය අපට හොයගන්න පුලුවන්. රලු මැණික් යවන්න අවසර දුන්නොත් ගල් පිරියම් කිරිමේ, කපා ඔපදැමීමේ සහ එහෙම අගය වැඩිකරලා අපනයනය කිරීමේ කර්මාන්තයේ නියැලුනු දහස් ගණනකගේ රැකියා අහිමි වෙන්න පුලුවන්.'
'මැණික් ක්ෂේත්රයේ නියැලි අයගේ සාච්ඡාවකින් තොරව කිහිප දෙනෙකුගේ උවමනාවන් මත මේ පනත සංශෝධනය කරන්න යන බවයි දැනගන්නට තියෙන්නේ. මෙ වනවිට පනත සංශෝධනයට අවශ්‍ය පිඹුරුපත් සකසා අවසන් ලු. එහෙම වුණොත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමිව යනවා. දේශිය වශයෙන් දහස් ගණනකට රැකියා අහිමි වෙනවා. 1980 දශකයේ තායි ජාතිකයින් මෙරටට පැමිණ මේ රලු ගෙවුඩ එරටට රැගෙන යාමෙන් අපේ රටට බිලියන ගණනින් විදේශ විනිමය අහිමි වුණා. රලු මැණික් අපනයනය කරන්න නීති සංශෝධනය කරන්න කියන අය කියන්නේ රලු මැණික් පිරියම් කිරීමේ තාක්ෂණය ලංකාවේ නෑ කියලා. ඒක අමුලික අසත්‍යයක්.'
ඉදිරි සති කිහිපය තුල මේ පනත් සංශෝධන කිරිමට නියමිත නිසා ඒ සම්බන්ධයෙන් නැවත හිතාබලන්න කියලයි සාධක සහිතව කරුණු ඇතුලත් ලිපියක් අගමැතිතුමියට, අමාත්‍යවරයා ඇතුලු බලධාරින්ට දුන්නේ. ජනාධිපතිතුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් වහා යොමුවිය යුතුයි. එසේ නොවුණොත් ලංකාවේ මැණික් කර්මාන්තය කෙටි කාලයක් තුල බිදවැටීම නවත්වන්න බැරිවෙනවා.'' යැයි ද මහාචාර්ය හසින්ත විජේසේකර මහතා පැවසීය.
අජිතලාල් ශාන්ත උදය