තමාට කිසිදු දේශපාලන බලපෑමක් නොමැති බවත්, කෙසේ වෙතත් දේශපාලන බලපෑම් තිබෙනවා නම් ඒ තිබෙනුයේ හරි දේ කිරීමට පමණක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ඇතිවූවක් නෙවෙයි. පතාල ජීවිත හානි කිරීම් අද ඊයේ ඇතිවූවක් නෙවෙයි. මේවා දිගින් දිගටම පැවතුනා. මේවට යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තියෙනවා. පොලීසියේ නිලධාරීන්ගේ සහය සහ රැකවරණය ලැබිලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයන් ඒ සඳහා පාවිච්චි කළා. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරමින් ඉන්නවා. මේවගේ මෙහෙයවීම් කරන්නේ නිවට නියාලු පිරිසක් විදේශ ගතවෙලා මේවා කරමින් පවතිනවා. දේශපාලක කිසිම බලපෑමක් නෑ. දේශපාලන බලපෑම් තියෙනවා නම් තියෙන්නේ හරි දේ කරන්න කියලා විතරයි.