සාධාරණ වැටුප් සහ අතිකාල දීමනාවක් ලබා දී තිබියදී සිදු කිරීමට නියමිත වැඩ වර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙලෙස ක්‍රමවේදයකට අනුව වැටුප් සහ අතිකාල දීමනා ලබා දීම හේතුවෙන් අනිවාර්යෙන්ම ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කරන බව ඊයේ(17දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර, මෙම වැඩවර්ජනයට ප්‍රධාන වශයෙන් කාරණා 03ක් බලපා ඇති බවත්, ඒ අනුව නිවාඩු අවලංගු කර ඇති පසුබිමක සේවයට වාර්තා නොකරන්නේ නම් ඒ පිළිබඳ දැඩිව ක්‍රියාත්මක වීමට සිදුවනු ඇති බවත් මෙහිදි අදහස් පළ කරමින් තැපැල්පති තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සරත්කුමාර පැවසීය.
"තැපැල් දෙපාර්තමේන්තුවේ 22,000ක් පමණ සේවය කරනවා. මේ වැටුප් වැඩිවීමට කලින් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම බවට පත්වෙලා තිබුණේ රුපියල් බිලියන 14යි. වියදම රුපියල් බිලියන 18යි. ඒ කියන්නේ මේ වැටුප් වැඩිවීම් ලබා දෙන්නට පෙරත් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 400ක පමණ අමතර වැය බරක් භාණ්ඩාගාරය විසින් දරමින් තිබුණා.
වැටුප් වැඩි කළාට පස්සෙදී තැපැල් දෙපාර්තමේන්තුව තමන්ගේ ආදායම් ඉහළ නංවා නොගත්තොත් මේ පරතරය රුපියල් කෝටි 800-1000ක් දක්වා යෑමේ ඉඩක් පවතිනවා. එහෙම නම් කළ යුතු වන්නේ මේ වැටුප් වැඩිවීම, අතිකාල පිළිගෙන ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් තමන්ගේ දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කරගැනීමට කටයුතු කිරීම.
ඒකට අවශ්‍යකරන පහසුකම් දැන් රජය මගින් ලබා දෙමින් තිබෙනවා. අපි පසුගිය මාස 08 තුළදී බඳවා ගැනීම් ආරම්භ කරලා තිබෙනවා. අපි සමස්ත රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම් ලබා දීමේදී තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ටත් ඒ ආකාරයේ වැටුප් වැඩිවීම් ලබා දීලා තියෙන්නේ. දෙවැනි ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරියෙකුට 2024 මාර්තු මාසයේදී තිබුණ මූලික වැටුප රු.32,375යි. 2027ජනවාරි වෙනකොට ඔහුගේ මූලික වැටුප රු.54,650ක් දක්වා වැඩි වෙනවා. මූලික වැටුප සමස්තයක් ලෙස වැඩි වෙන්නේ 2027 ජනවාරි මාසයේ වුණාට මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ සිට අතිකාල හදන්නේ රු.54,650ට.
මෙහෙම ලබා දී තිබියදී භාණ්ඩාගාරයෙන් දැනටම රුපියල් කෝටි 400-500ක් විදයම් කරමින් දෙපාර්තමේන්තුවක වැඩ වර්ජන කරලා ඒ සේවාවන් කඩාකප්පල් කිරීම කිසිසේත් සාධාරණ නෑ. ඒකෙන් අමතර බරක් භාණ්ඩාගාරයට පැටවෙනවා. අපි කරුණාකරලා කියන්නේ ඔබට සාධාරණ වැටුප් සහ අතිකාල දීමනාවක් ලබා දී තිබියදී මේ නියමිත වැඩ වර්ජනය අසාධාරණයි. දෙවැනි එක මෙම අතිකාල දීමනා ලබා දීමේදී මම හිතනවා ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක ක්‍රියාත්මක වීම සාධාරණයි.
මේ රටේ ජනතාවගේ බදු මුදල්වලට වගකියන්න ඕනෑ රජයේ සේවය , රාජ්‍ය නිලධාරීන්. කාලයක් තිස්සේ මේ මැෂින් හයි කරලා තිබුණට ක්‍රියාත්මක කරලා තිබුණේ නෑ. මේ ආකාරයට අතිකාල ලබා දෙන නිසාමත්, මේ ආකාරයට මූලික වැටුප් ලබා දෙන නිසාමත් ෆින්ගර් ප්‍රින්ට් අපි ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිතිවලත් යම් එකඟතාවක් ලැබිලා තියෙන්නේ. ඒ අනුව මේ කටයුතු සිදු වෙනවා. කරුණාකරලා කියන්නේ තැපැල් විෂය භාර ඇමතිවරයා ලෙස මේ වැඩවර්ජන නතර කරලා සේවයට වාර්තා කරන්න. ඔබ පැයක්, වරුවක්, දිනයක්, දින දෙකක් සේවයට වාර්තා නොකිරීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය පහළ බහිනවා. ඒකෙන් භාණ්ඩාගාරයට වැය බරක් පැටවෙනවා. අනාගතයේදී ඔබට ලබා දීමට නියමිත වැටුප් වැඩි කිරීම් හෝ අතිකාලවලට තමයි ආයේ ප්‍රශ්නයක් එන්නේ. ඒ වගේම අසාධාරණ වැඩවර්ජනයක් ලෙස මෙය මම හඳුන්වන්න කැමතියි."