ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය අප්‍රේල් මස පස් වැනිදා විවෘත කළ උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භ කිරීමටත් මත්තෙන් එහි රුපියල් අසූ හතර ලක්ෂ නව දහසකට අධික මුදලක් ගෙවීම් පැහැර හැරීම නිසා විදුලිය විසන්ධි කොට ඇති බව පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් 15 දින අවරණය කර ගන්නා ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනාවකට අනුව මීට වසර කීපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකරන්නට යෙදිණි
ඒ අනුව එහි විවෘත කිරීම සුගිය අප්‍රේල් මස පස්වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයෙන් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දුරස්ථා පාලකයක් උපයෝගී කරගෙන විවෘත කෙරිණි
එදා සිට අද දක්වාම එහි සේවා කටයුතු සිදු නොවීම පිළිබඳව සොයා බැලීම සඳහා හිිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මම්පිල ,සංජීව එදිරිමාන්න, ප්‍රේමණාත් සී දොළවත්ත , සුශ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිසක් බස් රථයකින් එහි පැමිණියහ
කෘෂිකර්ම උෂ්ණත්ව පාලිත කෘෂිකර්මම ගබඩාවේ ගේට්ටු වසා දමා තිබිණි, පසුව එහි සවිකර තිබූ දුරකථනයකට කතාකොට මුරකරු සම්බන්ධ කරගෙන හිටපු මන්ත්‍රී පිරිස ක් ගබඩා පරිශ්‍රයට ඇතුළු විය
පසුව උදය ගම්මන්පිල මහතා එහි මුරකරුගෙන්ම කරුණු විමසන්නට විය , එහිදී මුරකරු සඳහන් කළේ තවමත් එහි ක්‍රියාත්මක නොමැති බවය, කෙසේ වෙතත් මෙම ගබඩා සංකීර්ණයේ විදුලිය විසන්ධිකර තිබේදැයි උදය ගම්මන්පිල මහතා ඔහුගෙන් විමසීය , එහිදී ඔහු කියා සිටියේ රුපියල් අසූ හතර ලක්ෂ නව දහස් ගණනාවක් ගණනක මුදලක් විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති නිසා මේ වන විට ගබඩා සංකීර්ණයේ විදුලිය විසන්ධි කොට ඇති බවය
පසුව උදය ගම්මන්පිල මහතා ස්ථාපිත කොට ඇති විවෘත කෙරුණු නාමඵලකය කියවා සඳහන් කළේ වර්තමාන රජයේ වන සතුන් කුඩා දරුවන් රැවටු බවය එමෙන්ම ලෝක බලවතෙක් වන ඉන්දියානු රජය ද රැවටු බව සඳහන් කළේය
මෙම රැවටීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඇතැම් විට රටවල් අතර මහා සටන් ඇතිවිය හැකි තත්ත්වයක් උදාවන බවද හෙතෙම සඳහන් කරන්නට විය කෙසේ වෙතත් මෙහි ඉදිකිරීම් සිදුකෙරෙන ආකාරය පිළිබඳව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පිරිස දැනුවත් කරන්නට විය
ප්රේමනාප සී දොළවත්ව සුගේස්වර බණ්ඩාර යන මහත්වරු මෙන්ම සංජීව එදිරිමාන්න යන මහත්වරුද මෙහිදී ම රජයේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩපිළිවෙළවල් සහ ජනතාව රැවටීම පිළිබඳව අදහස් දක්වන්නට වූහ.


