වත්මන් රජය අවමිලක් නියම කළේ ගොවියා රැකීමට මිසක්, වි ගොවියා වලපල්ලට දැමීමට නොවන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
මෙවර යල කන්නේ ගොවීන් රජයේ ගබඩාවෙත වී මෙට්ට්‍රික් ටොන් 15,000 කට වැඩි ප්‍රමාණයක් ලබාදී තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා කීවේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ,පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 16 වෙනිදා පැවැති දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීමේ පොළොන්නරුව වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වීමෙන් අනතුරුව කිරි ගොවීන් අමතමිනි.
"අපි ආණ්ඩුව බාරගන්නා විට වී කිලෝවක සහතික මිල තිබ්බේ රුපියල් 99 සත 75 යි. ආණ්ඩුව වී කිලෝවක මිල නියම කරලා තිබ්බේ රුපියල් 105 යි. රුපියල් 105 යි කියලා ආණ්ඩුව වී ගත්තෙත් නෑ. එදා මේ පොළොන්නරුවේ එක ගබඩාවක් ඇරියෙත් නෑ. ලංකාවේ සේරම වී ගබඩා වල් බිහිවෙන්න ඇරියා. වඳුරන්ටයි රිලවුන්ටයි තමා වී ගබඩා ඇරියේ,එදා ගොවියාට තිබුනේ වි කිලොවකින් ගොවියට තිබුනේ රුපියල් 5. යි ශත 25 යි.
එදා ආණ්ඩුව යටතේ මේ පොළොන්නරුවේ ගොවියෝ ඉන්නවා රුපියල් 65 ට වී විකුනපු. මම පෙන්නන්නම් ඒ ගොවියෝ. පොහොර මිටිය එදා රුපියල් විසි තිස්දාට ගත්තා,එදා ඩීසල් ලිීටරය රුපියල් 363 යි. ඒ කරලා හැට ගණන් වලට වී වික්කා, අන්න එහෙම ආණ්ඩුවක් තමයි භාරගත්තේ.රුපියල් 363 ට තිබ්බ ඩීසල් අපි දෙසීය ගණන්වලට බැස්සුවා, පොහොර මිල බැස්සුවා,වී කිලෝවක නිෂ්පාදනය රුපියල් 78 ක් යනකොට, අද ගොවියා රුපියල් 120 ට රජයට වී දෙනවා, වී කිලෝකට හැත්තෑ අටක නිෂ්පාදන වියදම ඇරලා ගොවියා 120 ට වී දෙද්දි ගොවියාට ලාභයක් නැද්ද, අපි තවත් වැඩක් කරා ගොවියට ලාබ ගන්න වී ගබඩා ටික සේරම ඇරියා,අපි සහතික මිලක් නියම කෙලේ නෑ. මෙතෙක් හැම ආණ්ඩුවක්ම නියම කලේ සහතික මිලක්. අපි නියම කළේ අවම මිලක්.සහතික මිලක් නියම කරාම ඒක තමයි මිල.
අවම මිලක් නියම කරාට කරාම ගොවියාට ඒ මිලට වඩා පෞද්ගලික වෙළෙන්දාට වී දෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ගොවියා රකින්න අවම මිලක් නියම කලේ. මෙදා යල කන්නේ අපේ ආණ්ඩුව ගොවියා බේරුවා, යැයිද නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් කීවේය.
මනම්පිටිය නිමල් ජයරත්න
