ඇල්ල නගරය මේදිනවල විදේශීය සංචාරකයන් ගෙන් පිරී ඇති අතර අද (17) බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන පොඩිමැණිකේ දුම්රියෙන් සිය ගමන් පහසුව සලසා ගැනිමට ඇල්ල දුම්රිය ස්ථානයේදී විදේශිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.
විදේශීය සංචාරකයන් අන්තර් ජාලය හරහා දුම්රිය ප්රවේශ පත් වෙන්කර ගැනිම නිසාවෙන් එම දුම්රිය ප්රවේශ පත් දුම්රිය නියාමකවරයා විසින් පරික්ෂා කර බලා අදාළ මගීන් දුම්රියට නංවා ගැනිම නිසාවෙන් ආසන වෙන්කර ගත් විදේශීය සංචාරකයන් ට ටික වේලාවක් දුම්රිය වේදිකාවේ රැදී සිටීමටද සිදුවිය. මේනිසාවෙන් පොඩිමැණිකේ දුම්රිය ද තරමක් ප්රමාද වී ධාවනය කැරින .
ඇල්ල ප්රසාද් රුක්මාල්