පසුගිය වසර තුනෙහිදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් 226ක් සේවයෙන් ඉවත්ව ගොස් තිබෙන අතර එය ප්‍රතිශතයක් ලෙස 20% ක් බවද විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
වඩා වැඩි වැටුප් සහ දීමනා සහිත ආකර්ෂණීය රැකියා අවස්ථා වෙනුවෙන් පිටරටවලට මෙම පිරිස් සංක්‍රමණය වී ඇති තිබෙන බවත් ලෝකය පුරා ලංවිම ඉංජිනේරුවන්ගේ තාක්ෂණික ප්රාගුණ්යය, ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව සහ විදුලිබල ක්ෂේත්රයේ කටයුතුවල නායකත්වය වඩ වඩාත් පිළිගැනීමට ලක් වෙමින් පවතින බවද මණ්ඩලය පෙන්වා දෙයි.
ලංවිම බොහෝ ඉංජිනේරුවන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා අයර්ලන්තය වැනි දියුණු රටවල තරගකාරී රැකියාවල නිරතවන අතර, ඔවුන් එම රටවල විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් සපයන බවද සඳහන් කරයි.
මෙම නැඹුරුව ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ ගෝලීය වටිනාකම සහ තරගකාරී හැකියාව මැනවින් පිළිබිඹු කරන සාධකයක් වන බවත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් තවදුරටත් වේගයෙන් පරිණාමය වන ලෝක බලශක්ති ක්ෂේත්රය තුළ අන්තර්ජාතික ප්‍රමිතියට අනුගතවීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් සිටින බවත් සඳහන් කරයි.
.පසුගිය අවුරුදු තුන තුල ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉවත්ව ගිය ඉංජිනේරුවන් 226 දෙනා සැලකිමේදි. ඔවුන්ගෙන්සියයට අසුපහක් ( 85%) ක් විදුලි ඉංජිනේරුවන් වන අතර සියයට අටක් (8% ක්) යාන්ත්‍රික ඉංජිනේරුවන්ද සියයට හතක් (7%) ක් සිවිල් ඉංජිනේරුවන්ද වෙති.
එච්. අයි. තුෂාර